
(අංජුල මහික වීරරත්න)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4 වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.
ඡන්ද බලය, මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාවේ වාසය කරන සහ මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී ඇත
. වත්මන් මැතිවරණ පනත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නොමැත.
එහෙත්, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි නීතිමය ක්‍රමෝපායයන් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද පෙරදිග සහ කොරියානු සංක්‍රමණික සේවකයින්ට පමණක් ඡන්ද බලය දෙන්න. ද්විත්ව පුරවැසියන් හෝ PR හිමියන් අවශ්‍ය නොවේ.
පිටරට ජීවත්වන ලාංකිකයො වැඩිදෙනෙක්, නොයෙක් හේතු මත, කුමක් හෝ මානසික අසහනයකින්, අතෘප්තියකින් පෙලෙන අය. භූමියේ යථාර්තය නොදන්නා ඔවුන්ට රටේ පාලකයන් පත්කරගැනීමට ඡන්ද අයිතිය ලබාදීම සුදුසු නැත.
ප්‍රමාද වී හෝ මොලය පෑදීම සතුටට කරුණක්.
ඡන්දෙ දාන්න ටිකට් අරං ෆ්ලයිට් එකේ ආපු කාලේ ඉවරයි. නාපු කට්ටියත් රට ඉඳගෙනම ඡන්දෙ දාපුවහම, ඉතුරුවෙලා තියෙන තුණත් ගලෝලා යනවා. ගලෝලා ගියපු පළපුරුදු එවුං භූමිදානෙට කනත්තටම යනවා, යනවාමයි. එක මිටට - භූමිදානෙට කනත්තට !!!
එය අනිවාර්ය කල යුතුයි
කිසිදු රජයකින් කිසිම සැළකිල්ලක් නොදැක්වූ අපගේ එක් ප්‍රධානතම ඉල්ලීමක් ඉටු වෙන්නයි යන්නේ. ජයවේවා..!!
මේවා වෙන්න ඕනා අනිවාරයෙන්ම තනාපාති කාර්යාල අරහානෙ එත් තනාපාති කාර්යාල අපිට කිසි සේත්ම විස්වාසයක් නැත . ලස්සනට ඒ අයට උවමනා විදියට වැඩ ටික වෙයි.