
(ඩි.ඒ.පතිරණ)
වරල්ල ප්‍රදේශයේ පාසල් දැරියක විදුලි සැර වැදීමෙන් අද (26) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොස්මෝදර පොලීසිය කියයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ වරල්ල,උඩ හොරගල (බටහිර) ඉලුක්තැන්න ලිපිනයේ පදිංචිව සිටී හත් හැවිරිදි නාගොඩ ගමගේ යෙනුකි සෙහන්සා හන්සදී නැමැති උඩ හොරගල කණිෂ්ඨ විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී සිසුවියක බවට පොලීසිය පැවැසීය.
නිවසට ඇද තිබූ විදුලි වයරයේ වයර් දෙක අමුණා තිබූ ස්ථානයේ දරුවා අත තිබූ දිග මනින දුනු ටේප් පටියක් ගැටීම නිසා දරුවාට විදුලි සැර වැදී ඇත.
පසුව දරුවා මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මැණික...!
ලෝභකමට කරන බාල වැඩ නිසා අහිංසක ජීවිතයක් බිලි වුණා. මෙවැනි මෙලෝ රහක් නැති ගොන් වැඩ කරන දෙමව්පියන්ගෙන් දරුවන්ට විපත් මිස හොඳක් සිද්ධ වෙන්නෙම නැහැ.