
රටේ පවතින කඩදාසි අර්බුදය හමුවේ, නව අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්තානයේ කඩදාසි සංගම් අනතුරු අඟවයි.
සමස්ත පාකිස්තාන කඩදාසි වෙළෙඳ සංගමය, පාකිස්තාන මුද්‍රණ ග්රැෆික්කරුවන්ගේ සංගමය සහ එරට කඩදාසි කර්මාන්තයට සම්බන්ධ සෙසු සංගම් ද මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩි දුරටත් කියා සිටියේ පවතින කඩදාසි අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් කිසිවක් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවය.
මේ වනවිටත්, පාකිස්තානයේ සින්ද්, පන්ජාබ්, කයිබර් ආදී ප්‍රාන්තවල පාසල් පෙළපොත් මුද්‍රණය නවත්වා දමා ඇති බව ද වාර්තා වේ.
කඩදාසි සම්බන්ධයෙන් හටගත් අර්බුදය මේ වනවිට ලෝකයේ රටවල් බොහොමයකට බලපෑම් කර තිබේ. ඒ, ගෝලීය උද්ධමනය හේතුවෙනි.
කෙසේ නමුත් පාකිස්තානය කඩදාසි අර්බුදයකට මුහුණ පා සිටින්නේ, බලයෙන් නෙරපා දැමුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්රමුඛ රජය සහ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නව රජයේ වැරදි ප්‍රතිපත්ති මෙන්ම දේශීය කඩදාසි කර්මාන්තයේ පවතින ඒකාධිකාරය නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් කමක් නෑ හප්පා... යන්තං ඇති.
ඇති යනතම් පොහොට්ටුවට කඩේ යන අයට හොඳ නිවුස් එකක්
මම දැක්කා නිවුස් එකක පකිස්තාන තානාපතිතුමා අපේ ජනාධිපතිව හමුවෙලා කියලා තිබ්බා ඒගොල්ලො අපිට ආධාර දෙන්න කැමති මේ ආර්ථික අරමුණු දැන් ගොඩ එන්න කියලා. මේ නිව්ස් එක දාල තියෙන්නෙ ලෝකයේ වෙන තැනක තියෙන පකිස්තානයේ ඉතින් ද මන්දා
අපිටත් දැන් ආපහු පුස්කොල බාවිතා කරන්නෙ වෙයි
එහෙනම් අපේ ආන්ඩුවට විතරක් බනින්න එපා. පකිස්ටානයෙත් ඔය ප්‍රශ්න තියෙනවා.
මේ පුවත පදනම් කරගෙන රාජපක්ෂලා පකිස්තානේටත් වැඩක් දීල වගේ ප්‍රවාදයක් නිර්මාණය කරන්න අනුර කුමාර සහෝදරයාට සහ සජිත් පුතනුවන්ට ආරාධනා කරමු ද? ඒ සම්බන්ධ බෝඩ් අල්ල ගෙන සිටීම කේඩෑරී වී ගොස් ඇති ගෝල ෆේස් අරගලයට පවරමු ද? ඊට පස්සේ ඩේලි මිරර් පත්‍රයට පුළුවන් ඒක රස කර කර වාර්තා කරන්න. (පක්ෂක්ග්රාහී පුවත්පතක් නොවන ලංකාදීපයට එය අදාළ නොවේ).
හී ජෙප්පො මේකටත් මොනවා කියයිද දන්නෙ නෑ.