පක්ෂය බාරදෙන ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් පක්ෂය තමන් වෙත පරවන වගකීම් ඉටු කිරීමට තමන් බැඳි සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පක්ෂය බාර දෙන ඕනෑම අභියෝගයකට තමන් සූදානම් බවත් එසේ වුවත් ඕනෑම දෙයක් කරන ක්‍රමවේදයක් තිබෙන බව ද හෙතෙම කීය.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා පක්ෂයේ අගමැති අපේක්ෂ ලෙස ඉදිරියට ඒමට සූදානම් දැයි බී.බී.සී. සිංහල පුවත් සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.
“නීත්‍යනුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නියම ආකාරයට විසුරුවලා, නියම ආකාරයට, ව්‍යවස්ථානුකූලව, යුක්තිගරුකව, නීතියට අනුව සිදුවන මැතිවරණවලට අපි බය නැහැ. හැබැයි එහෙම නොවන මැතිවරණවලට අපි බයයි.
මම ඉපදුන දවසේ ඕනෑම දේකට සූදානම්. රට තුළ, පක්ෂ තුළ, සංවිධාන තුළ ක්‍රමවේදයක් තිබෙනවා. කැලෑ නීතියට ඉඩ නැහැ. පක්ෂය දුන සෑම වගකීමක්ම මම ඉටු කරලා තියෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකය ලබපු දවසේ ඉඳලා අභියෝග බාරගෙන තිබෙනවා. ඕනෑම දෙයක් කරන ක්‍රමවේදයක් තිබෙනවා. අපි කිසිසේත් කැලෑ නීතිය අනුගමනය කරන්නේ නැහැ.
මෙතෙක් කල් සිදු වූ සෑම මැතිවරණයක් සඳහාම මම පක්ෂය වෙනුවෙන් මගේ දායකත්වය දුන්නා. එම වගකීම් ඉටු කළා. අභියෝග බාරගත්තා.
පක්ෂ නායකත්වය, කෘත්‍යාධිකාරි මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම දෙන ඕනෑම වගකීමක් සියලු දෙනාගේ ආශීර්වාද ඇතිව ඉටු කිරීමට මම බැඳිලා සිටිනවා” යනුවෙනි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ ළමයෙක් පෙන්වන්න.
දැන් තියෙන්නේ පක්ෂය තුළ ප්‍රක්ෂණයක් නෙවෙයි, පිටස්තර ප්‍රක්ෂණයක්...
සජිත් කොච්චර උඩ පැන්නත් ඔබට ලැබෙන්නේ නෑ. රනිල් ඡන්දයකට නොයා මේ දඟලන්නෙත් ඔහුගේ මේ නොසිතු විරු බලයෙන් පහ කිරීම නිසා කලබල වෙලා. ඒ ඔහුගේ සහ බටහිර රටවල අරමුණ වන බටහිර ගැති රනිල් බිරිඳ... මෛත්‍රී වික්‍රමසිංහ අතට බලය ලැබෙන සැලසුම අවුල් වූ නිසා. බටහිරට අවශ්‍යයි කළු සුද්දෙක් ඉදිරියටත් රටේ නායකත්වය ගන්නට හැකි මග තනන්නට. පුළුල් පෙරමුණක් ගොඩ නගන මුවාවෙන් දැන් නියත ලෙසම මෛත්‍රී වික්‍රමසිංහ ඉදිරියට ගනු නියතයි.
ඇඬුවට කඳුළු නැ බ්‍රෝ... මොකද උඹලා එතරමට නායකත්වය ලබාගන්න අඩලා තියෙන්නේ... 2030දී තමා හම්බවෙන්නේ...
අනාගත එජාප නායකයට අපේ සුබපැතුම්!!!!!!!!!!!!!!
අපි ඔබ සමගයි. රනිල්ට කරගන්න දෙයක් නැති හින්දා මේ වෙලාවේ ඔබට අගමැති අපේක්ෂකත්වය දෙයි. එහෙත් ඔබ අගමැති වුනොත් ඔබට වැඩක් කරගන්න දෙයිද කියලා සැකයි...