(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු වල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම්වලදී ඊට නායකත්වය ලබාදීමටද නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දී ඇත්තේ රට වැටී තිබෙන උග්‍ර අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමා සම්පූර්ණ කාලයම යොදවා තිබියදී පක්ෂයේ දේශපාලන කටයුතු ද ඉදිරියට පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම පෙන්වා දෙමිනි.
අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස් අනුව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා ඉදිරියේ දී පක්ෂයේ සියලුම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් ඔයාට පක්ශයෙ පූර්ණකාලීකවම ඉන්න පුලුවන් ! ගෙවල් වලත් ගෙගෙ ඉන්නව අපි දැකල තියෙනව.
තමාගේ පක්ෂයට නිවැරදි නායකත්වයක් දෙන්න බැරි සහ එම පක්ෂය ගොඩ දන්නා බැරි මේ මිනිහට වත්මන් අර්බුදයෙන් රට ගොඩ දන්නා පුළුවන්ද?
ලංකාවේ මේවනවිට පවතින ආර්ථික කඩාවැටීම සහ සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරනාවූ අවස්ථවක ඉදිරි මැතිවරණ ඉල්ලක කරමින් එක්සත් ජාතික පක්ෂය සියලු ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම තරුණ පිරිස් එක් පෙරමුණකට ගැනීම වෙනුවෙන් කටයුතු කලයුතුවේ.
ලක්බිමට අවශ්‍යම දේශපාලන පක්‍ෂය අද " එජාප " පමණි..! අනික් එවා ගැන කුමන කතාද..? රනිල් අගමැති වුනාට පසු මුලු ලෝකයම ලංකාව දිහා ඉතා උවමනාවෙන් බලන්න ගත්තා...! බ්‍රිතාන්‍ය අගමැති පවා රනිල් ගැන මෙසේ සඳහන් කලා කිහිපවරක් අගමැතිවූ අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවෙ ඉන්න දක්‍ෂ දේශපාලන උගතෙක්..!
Swiss, එහම ඔබ කියන විදියට නොවේ ඊයේ ලෝක බැංකුව මේ අගමැති රනිල්ගේ ආණ්ඩුව පිළිබඳව කිව්වේ. දැන් රනිල් අගමැති වෙලා මාසයට ආසන්නයි. කෝ ඉතින් ඩොලර් ආවද? තෙල්, ගෑස් පෝලීම ඉවරද? විදුලි කප්පාදුව නැවත පටන්ගත්තා. පහුගිය ජනාධිපතිවරණය සමයේ සමහර මාධ්‍ය ගොටාබයව වැඩ කාරය කියල පිම්බුවා වගේ තමයි, රනිල්වත් පුම්බනවා, ඔහුට ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්, ජාත්‍යන්තරයේ පිළිගැනීම තියනව කියල. එහම රනිල්ට හැකියාව තියනවා නම්, මේ මොහොතේ කරන්න එපායි. හම්බන්තොට වරාය චීනට විකුනන්න නැතුව, චීනට කියල ඒ ණය අඩු කරන්න තිබුණ නේ. එහම රනිල්ට ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් නම්, මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කරනවයි? ජාත්‍යන්තර සහයෝගයෙන් දියුණු කරන්න තිබුණ නේද?
මෙ වගෙ ඩීල් කාරයො ජනතාව ප්‍රති් කරනව ඊලග චන්දෙ ජතික ලඉස්තුවෙන් වත් එක්කෙනෙක් වත් තේරෙන එකක් නෑ.
වඳුරාගේ අතට මල්මාලය දුන්නා වගේ වැඩක්...