(අංජුල මහික වීරරත්න)
කාන්තා අයිතිවාසිකම් සුරැකෙන යුක්තිය සහ ආරක්ෂාව තහවුරු කරන සමාජයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කාන්තා දිනයේදී සියලු පාර්ශව එකට එක්ව ක්‍රියා කළ යුතු බව කියමින් විපක්ෂයේ පක්ෂ හයක කාන්තා සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය නව ජනතා පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, යන පක්ෂ වල කාන්තා සංවිධාන මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.
මාර්තු 8 වැනිදාට සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ජානකී හෝටලයේදී රැස්වූ මෙම සර්ව පාක්ෂික කාන්තාවන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
වතුකරයෙන් නගරයටත් ගම්මාන වලින් වෙළෙඳ කලාප දක්වාත් විදේශ සේවයට ගිය අම්මාවරුන් ඇතුළු සියලු මව්වරුන්, ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ගේ ජීවන යථාර්ථය පිළිබඳ සමාජයේ අවධානය යොමු කරවීමෙි අරමුණින් මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ ගෑණු ආයේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම්ද මේ ඉල්ලන්නේ.. මුන්ව දර ලිපටම දාන්න ඕනෑ... අර කතාවක් තියනවානේ "කූඩැල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ කියලා" මඩේ ලගින මඩ කරියන් නාවන මොවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනලු තෙලේ බහින්න.