( සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිතය.
ආන්දෝලනයට තුඩුදී ඇති කොළඹ වරායේ නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ .
මෙහෙදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන මාතෘකා අතර මැයි දින රැස්වීම් පැවැත්වීම හා පලාත් සභා මැතිවරණ පනත ද වෙතියි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම අදාළ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සාකච්ඡා බොරු වැඩ . ඔය එන කට්ටියට අතට ගාණක් එන විදියට වැඩ කරයි . පස්සෙ නිකම්ම ඔය පනත් පාස් වුණා කියයි . තවත් මාධ්‍ය සංදර්ශනයක් එසේ නිමවූ බවයි .
තොලොංචි වෙලා යන්න...
බම්බුව තමා. අන්තිමට තීන්දු තීරණ ගන්නේ පවුල් පාලනේ අයට ඕනෑ විදියට. දූෂිත, බලලෝභියන් කවදත් කෙරුවේ ජනතාව රවට්ටපු එක. වහල්ලුත් බොරු සෝබන කතාවලට රැවටුණා...
අද වෙනකම් පවුලේ ප්‍රශ්න හැර වෙන කිසිම ප්‍රශ්නයක් විසඳලා නැහැ. ලබන සැරේ දෙනවා බැටේ...!!!
රටේ ඉදිරිය ගැන කෙසේවෙතත් තම තමන්ගේ පැවැත්ම ගැන නම් කතාකර ගනීවි කට්ටිය...!!!