
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පික්මී යතුරු පැදියක කුලීරථ ගමනක් යන මුවාවෙන් ගොස් එහි රියදුරුගේ ගෙල කපා ඝාතනය කොට ඔහුගේ රන්මාලය ඇතුළු දේපළ සොරා ගත් සිද්ධියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ඒ සමග ඝාතනය සඳහා භාවිතා කළ අඩි දෙක හමාරක් දිග මාලු කපන මන්නය , මියගිය පික්මි රියදුරුගේ හිස් වැසුම හා ස්මාර්ට් ජංගම දුරකථනය පොලිසිය සොයාගෙන තිබු අතර මරණකරුගේ යතුරුපැදිය මීට පෙර පොලිසිය මගින් සොයාගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල වැන්දව ප්‍රදේශයේ පදිංචි (51) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd