(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදද්දී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරිය නානකාමරයට ගොස් ඇඟ සෝදමින් සිටින අවස්ථාවේ මෙම සැකකාර කොස්තාපල්හොර රහසේ ජංගම දුරකතනයකින් වීඩියෝ කරන ආකාරය දැක ඒ බව පොලිස් ස්ථානයට පැමිණිලි කරනු ලැබුවාය.
පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් බාරයට ගත් එම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරිය ඇඟ පොත සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ තුනක් එම දුරකථනයේ තිබෙන බව දැක ගැනීමට ලැබීමෙන් පසු කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන චෝදනාව යටතේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර පොලිස් කොස්තාපල් වරයාගේ වැඩද තහනම් කරනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පී.සී කත දිය නාද්දී ආධුනික පී.සී වීඩියෝ කරලා
ප්‍රේමසිරි Friday, 17 February 2023 06:24 AM
පොලිසිය පොලිසියේ තමන්ගේ සේවා ස්ථානයේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිරුවත ඡායාරූප ගත්තා නම් එහෙම එවුන් සමාජයේ සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද?
Samitha Senaka Aluthgamage. Friday, 17 February 2023 10:36 AM
පොලීසියට ගන්නා ප්‍රමාණයට වඩා වැඩ තහනම් කරන හා රැකියාව ද අහිමිවී හිරගෙට යන පිරිස් සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.පොලිස් බලධාරීන්ගේ දැඩි අවධානය පිණිස මේ සටහන තබමි.
පිටිගල මිලානෝ Friday, 17 February 2023 11:45 AM
තමාවත් නොදන්නා මෙවැනි වීඩියෝ වෙබ් සයිට්වලත් තිබෙනවා. ඔබත් බලන්න ඔබේ වීඩියෝවක් තිබෙනවාද කියා...?
sharm warn Friday, 17 February 2023 12:39 PM
පොලිස් සේවය දිනාගෙන තියෙන අවමානයෙ ප්‍රශස්ත මට්ටමත් දවසින් දවස උඩ යනව..
ඇම්ඩන් Friday, 17 February 2023 03:47 PM
මට දැනගන්න ලැබුනා ඒ පොලිසියේ ලොක්කා ඔය කියන වීඩියෝවේ කොපියක් එයා ළඟ තියාගෙන ඉන්නවා කියලා.ඉඳලා හිටලා බලනවා ඇති පොඩි ජොලියක් ගන්න.
විජිත් Friday, 17 February 2023 06:30 PM
හා හා එහෙම කියන්න එපා. එයා රණවිරුවෙක්, ඒ ගොල්ලෝ ඔය ජරාවැඩ කරන්නේ නැහැ. එයාපෝට් එකෙන් රත්තරන් ටිකක් පන්නාගන්න උත්සාහ කරන අහිංසකයෙකුට මානුෂීය උදව්වක් කරාවි. ඔය කුඩුබොන වසංගත රෝගීන්ට අවශ්‍ය බෙහෙත්වන හෙරොයින්, අයිස් වැනි ඖෂධ රටට ආනයනය කරන නියෝජිතයින්ට ආධාර කරාවි... කාටහරි මැරෙන්නම ඕනෑනම් දුවන්න කියලා අකැමැත්තෙන් වුණත් වෙඩි තියලා ඒ ආධාරය කරාවි... දැන් බලන්න මේ දවස්වල ඔය කොල්ලෝ, කෙල්ලෝ, තව ආචාර්යවරු, බුද්ධිමතුන් වගේ වැඩකාරයින් මේ පිරිසිදු ආණ්ඩුව පෙරලන්න උද්ඝෝෂණය කරනවා.. ඒත්.. මේ රණවිරුවන් නියපිටින්වත් ගහලා තියෙනවද? සෙනග වැඩිවුණාම ඔක්සිජන් අඩුනිසා කඳුළු ගෑස් හරි දීලා කියනවා " මේවා හරි අශ්වාස කරන්න - ජීවිතය බේරගන්න "කියලා. වසන්ත මුදලිගේට මේ රණවිරුවන් පුදුම ආදරයක් දක්වන්නේ... ඒ හැර බුදුන් වහන්සේ දෙසු පස් පව්වලිනුත් වැළකිලා සිටින මේ රණවිරු උත්තමයින් මතු බුදුවන බෝසත්වරු කියලත් සමහරු කියලා, ලියලා තියෙනවා .. විශේෂයෙන්ම උතුරේ යුද්ධය කාලේ.. බොරු වෙන්නත් බැහැනේ...