(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදද්දී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කොස්තාපල්වරිය නානකාමරයට ගොස් ඇඟ සෝදමින් සිටින අවස්ථාවේ මෙම සැකකාර කොස්තාපල්හොර රහසේ ජංගම දුරකතනයකින් වීඩියෝ කරන ආකාරය දැක ඒ බව පොලිස් ස්ථානයට පැමිණිලි කරනු ලැබුවාය.
පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් බාරයට ගත් එම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරිය ඇඟ පොත සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ තුනක් එම දුරකථනයේ තිබෙන බව දැක ගැනීමට ලැබීමෙන් පසු කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන චෝදනාව යටතේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර පොලිස් කොස්තාපල් වරයාගේ වැඩද තහනම් කරනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය පොලිසියේ තමන්ගේ සේවා ස්ථානයේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකගේ නිරුවත ඡායාරූප ගත්තා නම් එහෙම එවුන් සමාජයේ සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද?
පොලීසියට ගන්නා ප්‍රමාණයට වඩා වැඩ තහනම් කරන හා රැකියාව ද අහිමිවී හිරගෙට යන පිරිස් සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.පොලිස් බලධාරීන්ගේ දැඩි අවධානය පිණිස මේ සටහන තබමි.
තමාවත් නොදන්නා මෙවැනි වීඩියෝ වෙබ් සයිට්වලත් තිබෙනවා. ඔබත් බලන්න ඔබේ වීඩියෝවක් තිබෙනවාද කියා...?
පොලිස් සේවය දිනාගෙන තියෙන අවමානයෙ ප්‍රශස්ත මට්ටමත් දවසින් දවස උඩ යනව..
මට දැනගන්න ලැබුනා ඒ පොලිසියේ ලොක්කා ඔය කියන වීඩියෝවේ කොපියක් එයා ළඟ තියාගෙන ඉන්නවා කියලා.ඉඳලා හිටලා බලනවා ඇති පොඩි ජොලියක් ගන්න.