
(චමින්ද වැවතැන්න)
කෑගල්ල සියඹලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආශ්‍රිතයන් පිිසකට පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අංශ ගිය අවස්ථාවේ දී දෙපිරිසක් ගැටුමක් නිර්මාණය කර ගැනීම හෙතුවෙන් පී.සි.ආර් පරීක්ෂණ සිදු නොකොට මුළු ගම්මානයම හුදෙකලා කිරීමට පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.
කෑගල්ල පොදු වෙළද සංකීර්ණයේ වෙළදසැලක් පවත්වාගෙන ගිය සියඹලාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා වයිරසය ආසාදනය වී ඉකුත් 16 දා කෑගල්ල මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් විය.
එම ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ පවුල් සාමාජිකයන් ඇතුළු පවුල් 18 ක් ස්වං නිරෝධායනයකට ලක් කර තිබුණි.
ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු ඇතුළු පිරිසක් එම ගම්මානයට ගිය අවස්ථාවේ කොටසක් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණත් තවත් පිරිසක් ඊට දැඩි විරුද්ධතාවය ප්‍රකාශ කර ඇත.
පී.සී.ආර්. පරීක්ෂණය කිරීමට නොහැකි වන අයුරින් දෙපාරිස ගැටුමක් ඇති කිරීම හෙතුවෙන් පසුව වෛද්‍ය කණ්ඩායම ආපසු කාර්යාලය වෙත පැමිණ තිබුණි.
පසුව ගම්මානය සම්පූර්ණයෙන්ම දින 14 ට හුදෙකලා කල බව වෛද්‍යවරයා පැවසීය.
එහිදී කෑගල්ලේ සිට සියඹලාපිටිය හරහා දේවාලේගම පොල්ගහවෙල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කෑගල්ල පොලිසිය කටයුතු කර තිබුණු අයුරු දක්නට ලැබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මෝඩ හැතිකර ගමක්...
පුදුම හැතිකරයක් තමයි. මේ අය නිසා කී දෙනෙක් අමාරුවේ වැටෙනවද?
ඒක හොඳ වැඩක්... දවස් 14ක් හිටපුදෙන..
බාධාවක් කළා නම් ඒ බාධා කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා නම් ඉවරයි. නමුත් ජනතාවත් මේ වෙලාවේ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. නිලධාරිනුත් මේ වෙලාවේ ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය තේරුම්ගත යුතුයි.
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... ගමේ මිනිස්සුන්ට ඒක තේරුම් ගිය එක ජාතියේ වාසනාවක්... හැබැයි පුතෝ සම්බාධක දාලා ඔබලාව හිරකරයි.
මේ වගේ කාලකන්නි ඉන්න රටක මොන ආරක්ෂාවක්ද? ටොපියම කනවා. ආණ්ඩුවට බැනලා වැඩක් නෑ...
ඉන්න කට්ටිය කවුද කියලා පේනවනේ. එකපාරක් වළලන්න ඕනේ කියලා වැළලෙන්න හැදුවා. හොඳ වැඩේ. සති 02ක් හිටපුදෙන්. පාලකයිනුත් බයයිනේ. තව කොහේද?