(යොහාන් භාසුර)

රටතුළ පවතින තත්වය හමුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය ඇතුළු පළාත් කාර්යාල තව දුරටත් මහජනතාවට විවෘත නොකරන්නේ යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

එම කාර්යාල වසා තිබුණ ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශ අයැදුම්පත් බාරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම අයදුම්පත් අන්තර්ජාලය හරහා ලබාගෙන හැදුනුම්පත් ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වියානි ගුණතිලක මහතා පැවසීය.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය ඇතුළු පළාත් කාර්යාල වසා තිබූ මාස දෙකක පමණ කාලය තුළ ජාතික හැදුම්පත් ලක්‍ෂ දෙකක් පමණ කිසිඳු ගැටලුවකින් තොරව නිකුත් කළ බවත් ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සේවය අඛණ්ඩව ලබාගත හැකි බවත් ගුණතිලක මහතා කීය.