(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ කඩුවෙල බෝමිරිය නිවසට පහර දී දේපලවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරන සිසුවකු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම පහර දීමෙන් නිවසට සහ දේපළවලට රුපියල් ලක්ෂ 70ක පමණ අලාභ වන සිදුවී තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර ත්‍රිරෝද රථ රියැදුරකු සහ වෑද්දුම් කරුවකු වන බවත් සියලුම සැකකරුවන් වයස අවුරුදු 16 සහ 20 අතර පසුවන්නන් බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් මැයි නම වෙනි දින ගාලුමෝදර ඇතිවූ සිද්ධිය සමඟ මෙම සැකකරුවන් පිරිස මන්ත්‍රීවරයා ගේ නිවසට පහර දී දේපල වලට අලාභානි කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර සිටින තීරෝද රථ රියදුරු මන්ත්‍රීවරයාගේ නිවසට පහරදීම මෙහෙයවා ඇති අතර උසස් අධ්‍යාපන හදාරන සිසුවා ගේට්ටුවට යකඩ පොල්ලකින් පහරදී අලහාභානි කර අනතුරුව දොර කඩා නිවසට ඇතුළු වූ ප්‍රථම පුද්ගලයා බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පා.මන්ත්‍රී දොලවත්තගේ නිවෙස පහරදුන් හයක් මාට්ටු