
(අංජුල මහික වීරරත්න)
නියඟයෙන් වගා හානි සිදුවී ඇති ගොවීන්ට කෘෂි රක්ෂණ වන්දි දීමට තීරණය කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.
දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය නිසා මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක වල වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී ඇති බව වාර්තා වී ඇතැයි ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
වී වගාවට අදාලව මොණරාගල - අක්කර 1334 වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 960, පොළොන්නරුව - අක්කර 1100 ප්‍රමාණයකට අයත් ගොවීන් 560, හම්බන්තොට - අක්කර 435 කට අයත් ගොවීන් 782 ක්, අම්පාර - අක්කර 1004 කට අයත් ගොවීන් 505ක් අනුරාධපුර - අක්කර 2200 කට අයත් ගොවීන් 1900 ක යනාදී වශයෙන් කුඹුරු ඉඩම් හානියට පත්ව ඇති බව වාර්තාවී ඇත.
හානියට පත් බඩ ඉරිඟු ඇතුළු බෝග 6 ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000 මුදලක් උපරිම වශයෙන් අක්කර 5 කට ගෙවනු ලබයි.
ඉහත දිස්ත්‍රික්ක වලින් මේ වන විට වාර්තා වී ඇති හානියට පත් කුඹුරු අක්කර 6073 ක ප්‍රමාණයකට අයත් ගොවී 4707 කට ආසන්න ප්‍රමාණයකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 ඇමතීම මඟින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd