(සුජිත් හේවාජුලිගේ )
නෙළුම් පොකුණ රඟහලේ පාවිච්චිය සඳහා අවශ්‍ය භාණ්ඩ තැන්පත් කර ඇති නාගරික සංවර්ධන අධිකාරියේ පෑලියගොඩ ගබඩා සංකීර්ණයට ජාතික උරුම, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කිසිදු ගිවිසුමකින් තොරව රුපියල් එක් කෝටි දාහත් ලක්ෂ හතළිස් තුන් දහස් දෙසිය අසූ හතක මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙය අවිධිමත් ගනුදෙනුවක් බවද එම කාර්යාලය සඳහන් කරයි.
ලිඛිත ගිවිසුමක් රහිතව තිබියදී හිඟ බදු කුලී ගෙවීමේදී රුපියල් තුන්ලක්ෂ පනස් පන් දහස් තුන් සිය අනූ පහක දඩ මුදලක්ද ගෙවා තිබූ බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
එම ගබඩා සංකීර්ණය සඳහා 2020 ජූලි මස දක්වා ගෙවා ඇතැයි පැවසෙන්නේ රුපියල් දෙලක්ෂ තිස් හය දහස් හතළිස් පහක මාසික කුලියකි. එම මාසික කුලිය 2020 අගෝස්තු මාසයේ සිට රුපියල් හත්ලක්ෂ විසි හතර දහස් එකසිය විසි පහක් දක්වා එනම් සියයට 306 කින් වැඩිකර නාගරික සංවර්ධන අධිකාරියට ගෙවා ඇති බව විගණන නිලධාරීහු පවසති.
මේ අතර ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය 2020 අගෝස්තු 9 වැනි දිනැති අංක 2187/27 දරණ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබුණද කේන්ද්‍රය නිත්‍යානුකූලව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොතිබූ බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අමන නායකයින් ඉන්නකොට මෙවැනි මහජන මුදල් නාස්ති වැළැක්විය නොහැක.
සර් කරුණාකරලා පෙට්‍රල් මිල වැඩිකරලා, කිරිපිටිවල බදු වැඩිකරලා මේ පාඩුව පියවා ගන්න.
මේවා හොයාගත් එක ලොකු දෙයක් වුණත් මේවාට දඬුවම් ලබන්න නඩුවක්වත් වැටෙන්නේ නැති එකම රට ලංකාවද? ඒ කියන්නේ එක්කෝ ලංකාවේ උසාවියක් නැහැ. නැත්නම් නීතිය හදාරපු නීතිඥවරු නැහැ. එහෙමත් නැතිනම් මේ ලියවිලි නඩුදාන්න හදනකොට වාෂ්ප වෙනවා. නැත්නම් මේ අය කියන්නෙ බොරු.. අපි ඉන්නේ හරි දේ කරන නීතිඥ, උගතුන් හා දේශපාලකයින් සහිත පාරාදීසයක් බඳු රටක. මෙහෙ හොරු නෑ...!