IMG-LOGO

‘‘නිශ්චිත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා‘‘

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු දා ප්‍රහාරයක් එල්ල කරන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් නිශ්චිතව තොරතුරු දක්වා තිබුණා නම් පාස්කුදා ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා මීට වඩා පියවරක් ගැනීමට අපට හැකියාව තිබුණේ යැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පැවැසීය. 

අහවල් දින, අහවල් වෙලාවට, අහවල් ප්‍රහාරය එල්ල වෙනවා කියලා හරියට තොරතුරු දුන්නොත් විතරද පොලිසිය එය වළක්වා ගැනීමට කටයුතු කරන්නේ යනුවෙන් විනිසුරු මොහොමඩ් ඉර්ෂාඩ්න් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා එසේ පැවසීය.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනකුගේ මරණ සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855 යටතේ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා එසේ පැවසීය.

මෙම නඩුව නාමල් බළල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

 



අදහස් (2)

‘‘නිශ්චිත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා‘‘

mdd Tuesday, 18 January 2022 10:06 PM

නිලන්ත ජයවර්ධන මෙය රහසක් ලෙස තබා ගන්නා ලෙස ඉල්ලා ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔබව අධෛර්යමත් කළේ නැද්ද?

:       0       0

mdd Tuesday, 18 January 2022 10:09 PM

2000 මාර්තු බොරැල්ල ආයුර්වේද ප්‍රහාරයට නිලන්ත ජයවර්ධනගේ සම්බන්ධයක් තිබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site