IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති

(නිමල් ප්‍රේමචන්ද්‍ර සහ නිමල් ජයරත්න)

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී  සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලොන්නරුව අරලගංවිල රුහුණුගම ගම්මානයේ නිවෙසක ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මතට කඩා වැටීම නිසා  අවුරුදු තුනහමාරක දැරියක  මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ  හිරුණි රශ්මිකා දෙව්මිණි නමැති දැරියකි. 

ඇය තම වැඩිමහල් සොයුරිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී, දියනෑමට අවශ්‍ය බව පියාට පවසා ඇත.

පසුව ඇය වැසිකිළිය අසල ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අතර වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.

මේ අතර සිය නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතකුට යටවීමෙන් පඬුවස්නුවර දිග්ගලගෙදර ගම්මානයේ අවුරුදු අටක් වයසැති දරුවකු මියගොස් ඇත.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ චේතිය චිරාන් නමැති හෙට්ටිපොල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

මෙම සිද්ධියෙන් අනතුරට පත් දරුවා කුලියාපිටිය මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එම රෝහ‍ලේදී  මිය ගොස් ඇත.

 



අදහස් (2)

නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති

Bunny Preena Tuesday, 16 April 2024 10:59 AM

අහිංසක දරුවන්ගේ මෙවනි මරන වලට හේතුව දෙමව්පියන්ගේ හෝ වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් කමයි

:       0       1

sathyapala Tuesday, 16 April 2024 02:43 PM

අපේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්. මොළ වල එක පැත්තක් වර්ධනය වෙලා නැති ජාතියක්. ගොඩක් ගෙවල්වල වහලය මත ඇති වතුර ටැංකි සවි කරන විට හිස් නිසා ඒ ගැන හිතලයි වතුර ටැංකිය තියන්නේ. වතුර පිරුණාම කොතරම් බරක්ද කියලා තේරුම් අරන් එය ශක්තිමත් තැනක සවි කරන්නත් කොතරම් ශක්තිමත් වුණත් කඩා වැටෙන්නට ඉඩ තිබෙන නිසා එවැන්නක් වුණොත් කියලා හිතලා සුදුසු තැනක් සොයාගන්නත් තේරෙන මිනිස්සු නෑ. උස ජිරාෆ් කෙනෙක් කොන්ක්‍රීට් වලින් හැදුවම පෙරලෙයි කියලා මිනිස්සු තියා තේරෙන ඉන්ජිනේරුවොත් නෑ. මාතලේ ළමා උද්‍යානෙ තඩි ඩයිනොසිරස් කෙනෙක් කොන්ක්‍රීට් වලින් හදලා තියෙනවා. එක හෙට අනිද්දම කාගේ හරි දරුවෙක් දෙන්නෙක් මරනවා. නගර සභාවෙන් හදනකොට එවකට හිටපු නාගරික ඉංජිනේරුවා ඒවා නොසොයා එක එක කොන්තරාත් වලින් ගතමනාව එකතුකරමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නවා. මම මේ ලදී සමාජ මාධ්‍යවල දැක්කා දැවැන්තම පිළිමයක් හදනවා කළුගලක් උඩ.ගල නිසා පාදම යටට හාරන්න බෑ. ගලට අඩි කිහිපයක් එහායින් විශාල බෑවුමක පහලින් ප්‍රධාන පාර. මෙතරම් උස පිළිමයක් ගල උද හදලා පෙරලුනොත් පහල පාරේ ජිවිත රැසක් අහිමි වෙන්න ඉඩ තිබෙනවා. මේවා කිසිවක් ගැන නොසිතා වැඩ කරන ජාතිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 18 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 14 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site