
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී අද (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් අත්කරගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම ඕවර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 137 ක් ලබාගත්තේය.
වැඩිදුර තොරතුරු සඳහා https://tinyurl.com/y58etytj වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටීම් එකත් හරියට අාණ්ඩුව වගේ... අපිට එපා වෙලා තියෙන්නේ... එ්ත් කරන්න දෙයක් නැති නිසා නිකන් බලන් ඉන්නවා. දෙකම අජපල් අප්පා...
ශ්‍රී ලංකා කණ්ඩායමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එන්න තියනවා කියලා (එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන්) දැන්මම ලංකාවට එන්න. (ශ්‍රී ලංකා කණ්ඩායම මේ අපහාස කරන්නේ දෙවරක් ලෝක කුසලානය දිනපු, කිහිපවරක් අවසන් තරගය ක්‍රීඩා කරපු රටක කියලා අමතක කරන්න එපා. ලැජ්ජයි, කණගාටුයි)
වෙලාවට එක කණ්ඩායමකට කඩුලු දහයකට සිමා උනේ , නැත්නම් අපේ අයපරදින්නේ කඩුලු 100කින් විතර . අනේ මන්ද ;සහරාන්:
ලංකාවේ දේශපාලනීකරණයට හැම දෙයක්ම යටවෙලා. ක්‍රිකට් ක්‍රීඩාවත් ඊට අයත්. මේ ඒවායේ ප්‍රතිපලයි. නවසීලන්තේ එහෙම නැහැ.
ඇෆ්ඝනිස්තානය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 207 ලබාගත් අතර ඕස්ට්‍රේලියානු කඩුලු තුනක් දවා ගැනීමටත් සමත් උනා. එහෙම බැලුවාම අනිද්දා අපි ඇෆ්ඝනිස්තානය එක්ක තියන මැච් එකත් අම්බානක කන්න ඉඩ තියනවා.
මෙම පිරිස ලංකාවේ ක්‍රිකට් පාලනය කරන බුකි කාරයන් ටික සමග පාවාදෙන්නේ රටේ අභිමානයි. ඒ කණ්ඩායම මිට වැඩ දක්ෂයි.
ක්‍රිකට් ගැන දන්න කුසල් මෙන්ඩිස් අදත් බින්දුවයි. තරග 20ක් පමණ බිංදුවට අවුට් වෙලා එක් තරඟයක විතරක් 50ක් ගහලා ඒ ගැන පුරසාරම් දොඩනවා. මෙවැනි ක්‍රීඩකයන් හැමදාම තරගවලට තෝරන්නේ ඇයි? ක්‍රිකට් ගැන නොදන්නා නිසයි අහන්නේ. ..
ලෝක කුසලානය අහලකටවත් යන්න ලැබෙන එකක් නැහැ. මෙවැනි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළොත් ඉදිරියටත්...
දුකයි, ලැජ්ජ්යි පිස්සෝ වගේ සෙල්ලම් කරනවා.
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. කාලය කන්නේ නැතිව ආපහු එන්න අප්පා. කියන තැනකට වඳින්නම් මහත්තයෝ.
මේ වගේ කාලකන්නි රැලක් මුළු ලෝකෙම නැතුව ඇති මොවුන්ට පුන්නක්කු ටිකක් දුන්නා නම් සමහරවිට හරි යයි.
මෙහෙ අයියලා කයිවාරු ගැහුවට මොවුන්ට ක්‍රිකට් බැහැ කියලා දැන්වත් තේරෙන්නේ නැත්ද? අපේ සල්ලි කන්නේ නැතුව දැන්වත් ක්‍රිකට් බැරි හින්දා එල්ලේ වගේ ක්‍රීඩාවක් හොඳයි කියලා මට හිතෙන්නේ. මරු ලකුණු ගැනීම අතිරේක ලකුණු 11 යි හරක් පැටව් 8 දෙනෙකුටම ලකුණු 11 ගහගන්න බැරිවුණා.
අපේ ගමේ වෙලේ එල්ලේ ගහන පොඩි කොල්ලො ටික එව්වාම ඔයිට වැඩිය හොඳට සෙල්ලම් කරනවා. කණගාටුයි.
1980 ගණන්වල ලංකාවේ ක්‍රිකට් තිබුනේ ඔය වගේ. මුදලිදරන් අාවට පස්සේ තත්ත්වය වෙනස්වෙලා ඒ හා සම්බන්ධව ගොඩනැගුණු වෙනත් හේතු මත කලක් පැවතුණා. සංගක්කාරලා මාලිංගලට පවා පින පෑදුනේ එ් නිසා. අරවින්ද වුණත් අහක යන්න තිබුනේ මුරලි නැති වුණානම්. මුරලි හරිද, වැරදිද? කියන එක වෙනම ප්‍රශ්නයක්...
නියමයි. අපේ ජාතික වීරයන් නවසීලන්තයට කීර්තිය ලබාදුන්නා.