
(රොමේෂ් මධුෂංක)
යාපනය වඩුක්කොඩ්ඩෙයි මූලායි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරුන් දෙදෙනකුට නිවසේම නින්දයාම නිසා පසුදින එක් සොරකු අල්ලා පොලීසියට භාරදී ඇත.
මූලායි ප්‍රදේශයේ පිහිටි අදාල නිවසට ඇතුලු වූ සොරුන් දෙදෙනා නිවැසියන් නොමැති වීම හේතුවෙන් නිවසේ ආහාර පිස පසුව රූපවාහනිය නරඹමින් ආහාර ගෙන ඇති අවස්ථාවේදී කොල්ලකරුවන් දෙදෙනාටම හොඳට නින්ද ගොස් ඇත.
අනතුරුව නිවෙස් හිමිකරු පසු දින අලුයම නිවසට පැමිණෙන අවස්ථාවේදී සොරුන් දෙදෙනා නිවෙස තුල සිටිනු දැක ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ප්‍රදේශවාසීන් සමග සොරුන් දෙදෙනා අල්ලාගැනීමට උත්සහ දරනු ලැබීය. එහි දි එක් සොරකු පැන ගොස් ඇති අතර අනෙක් සොහා අල්ලා පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි