
(ඩයනා උදයංගනී)
ඉන්ධන පිරිමසා ගැනීමේ එක් පියවරක් ලෙස නිවසේ සිට රාජකාරීවල නිරත වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල සේවය කරන නිලධාරීන්ට දැනුම් දී ඇත.
අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කළ යුතුයැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණු පොතෙහිද සටහනක් තබමින් සඳහන් කර ඇත.
මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයක් ලෙස ඉතා සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව ද අගමැතිවරයා එහි දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd