
(ටෝනි කරුණානායක)
දිවුලපිටිය හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට තැත් කරන ලද සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් එක් සැකකරුවකු මීගමුව බන්ධනාගාරයේ දී මියයාමෙන් පසුව එම සැකකරුවන්ට පහරදුන් බවට මොවුන් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බඩල්ගම කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචි එම්.පී.ශසී දුමින්ද මුණසිංහ නැමැති සැකකරු මීගමුව බන්ධනාගාර ගතව සිටින අවස්ථාවේ මෙසේ මියගොස් තිබේ.
මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය හෙට (19) මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි එතකොට කොල්ලකාරයින් ගෙදර අයත් මරලා ආවානම් මොකද වෙන්නේ? ආත්මාරක්ෂාවට ගහන්න ඇති... කවුරුත් එහෙම තමා... සත්තුත් එහෙමයි.
හොර හතුරන්ට පහර දෙන්නේ නීත්‍යානුකූල ජනතාවගේ ආරක්ෂාවට.... නැතිව හොරු ඇවිත් සියල්ල කුදලාගෙන යනකම් බලා ඉන්නද? මේ වගේ අවස්ථාවක මේ නීතිගරුක මිනිසුන් රැක ගත යුතුයි... එය නීතියේ වගකීමක් විය හැකියි.
පහර දෙන්නේ නැතිව කිරි තේ එකකුයි, කේක් කෑල්ලකුයි කියලාද කියන්නේ? මේවා බටහිර රටවල විකාර මත.. ලංකාවට ගැලපෙන්නේ නැහැ.
පොලීසිය නීතිය නමනකොට සාමාන්‍ය මිනිස්සුන්ට හැරෙන්න තැනක් නැතිවුණාම මෙහෙම දේවල් වෙනවා. මුලින්ම පොලිසිය නිවැරැදි වෙන්න. එතකොට පොදු ජනතාව නීතිය අතට ගන්න යන්නේ නැහැ.
පොලිසියට කරන්න බැරි වැඩක් සහ පොලිසියේ නිලධාරි සංඛ්‍යාව අඩු නිසා මොවුන්ට සාධාරණයක් විය යුතුයි.
ඉස්සර මිනිස්සු මේ වගේ වැරැදිකරන්න බයයි. පොලිසි ගියොත් ඇතිවෙන්න හම්බවෙන නිසා... දැන් ඒ අය බය නැහැ.. ප්‍රශ්න කරන්නේ හොරාටත් ඔබතුමා කියලනේ.. විත්තිකරුවන් නිදහස්... අපේ ගෙයක් කොල්ල කන්න ඇවිත් අහුවුණොත් එයාව හිරේ නොදැම්මාට කමක් නැහැ.