
ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙලදපොලක් සහ ඊට යොදන රසායනික පොහොර නොමැති විම නිසා එම වගාවෙන් ඉවත් වි එලවළු වගාවට යොමු විමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තිරණය කර ඇතැයි වාර්තා වෙයි.
නුවරඑලිය නගරය ආශ්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මිපිලිමාන, යන ප්‍රදේශවල ස්වයං රැකියාවක් වශයෙන් ගොවියන් විශාල පිරිසක් ස්ට්‍රෝබෙරි වගාවේ මේ වන විට නිරතව සිටිති.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්පළාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලිය ප්‍රදේශයට නොපැමිණිම හේතුවෙන් නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිය , ස්ට්‍රෝබෙරි ආශ්‍රිත නිෂ්පාදන සහ තමන්ගේ අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි තත්ත්වය හමුවේ ඵලදාවට දැඩි ලෙස හානි සිදු වි ඇති බවයි ස්ට්‍රෝබෙරි වගාකරුවෝ කියා සිටිති.
ස්ට්‍රෝබෙරි වගාවෙන් නිෂ්පාදිත ජැම්, අයිස්ක්‍රිම්, කැරමල්, පිට්සා සදහා දැඩි ඉල්ලුමක් එවකට පැවතිම නිසා ස්ට්‍රෝබෙරි වගාකරුවනට හොද ආදායමක් උපයා ගත් අතර , වර්තමානයේ එම වගාව හුදෙක්ම නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු කුරුල්ලන්ට ආහාරයක් පමණක් වි ඇති බවයි එම වගාකරුවෝ කියති.
නුවරඑලියේ ස්ට්‍රෝබෙරි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දි සිය ස්ට්‍රෝබෙරි වගාව සදහා නිසි වෙලදපොලක් සකස් කරදෙන ලෙස නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවෝ අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාටත් වස විස නැතිව බැරිද? මෙච්චර කල් කාලා තියෙන්නේ වසවිස සහිත පලතුරුද?
මෙච්චර රස ගුණ පලතුරු ඉබේට හැදෙන රටේ මොනවටද මේ ඇඹුල් රට පළතුරක් වෙනුවෙන් මෙච්චර නැහෙන්නේ...?
මේක විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ
දැන් මේ ගොවියන් කියන ඒවායින් තේරෙනවද කොතරම් වස විස අපිට කවලා තිබෙනවද කියලා...?