(නිමල් ජයරත්න)
විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
අයි.එම්.එෆ්. ණය වැඩපිළිවෙල අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, මෙම සැප්තැම්බර් අවසානයේ අලුත් මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ තිබුණ බවත්, එය මෙතෙක් අත්සන් කර නොමැති නිසා එම අනතුරුදායක තත්ත්වය උදාවී තිබෙන බවද රණවක මහතා පැවසීය.
විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කරල තිබෙනව, ඒ නිසා විදුලි බිල අඩු වෙන එක නෙමෙයි වෙන්නෙ මේ නොවැම්බර් මාසේ සියයට 22 කින් වැඩි වෙන එකයි සිද්ධවෙන්නේ.
විදුලිබල බල මණ්ඩලය ලාභ ගන්න හැටිත්, විදුලි බිල අඩු කරන හැටිත් මම 2015දී පෙන්නුම් කරලා දුන්නා. 2015 දින100 වැඩසටහන යටතේ විදුලි බිල සියයට 15කින් අඩු කරල රුපියල් කෝටි දෙදහක් ලාභයක් ඉපයු හැටි පෙන්නුවා. විදේශ සමාගම් ගෙන්නුවා කියලා, ආසියානු සංවර්ධන ණය ගත්තා කියලා මේවා කරන්න බෑ, මේවා කළමනාකරණයේ තියෙන ප්‍රශ්න. ඉදිරියේදී අන්තිම විශේෂඥ්ඥ වෛද්‍යවරයාත් රට දාලා යනවා තත්ත්වයට පත් වෙනවා, අන්තිම ගුරුවරයාත් රට දාල යන තත්ත්වයට පත්වෙනවා, අද ශාසනය බරපතළ තත්ත්වයට පත්වෙලා තිබෙනවා, විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් උපවැදි වෙමින් සිටිනවා, මේ ආණ්ඩුව කරන්නේ අයි.එම්,එෆ් එකට ලුණු ඇඹුල් දාන එක විතරයි. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කල වාර්තාවක් අනුව හැම දහදෙනකුගෙන් හය දෙනෙකු සෞඛ්‍ය අහිමිකරගෙන, එක්කෝ හිඟමනට වැටිල, එහෙම නැත්නම් අධ්‍යාපනය අහිමි කරගෙන, තියෙන බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබටත් මේ ගැන වගකීමක් තිබිය යුතුයි. වර්ගවාදය නිර්මාණය කරන්නේ ඔබලාම තමයි.
කොහොම වුණත් මෙයා කියන කතාව 100%ක් ඇත්ත. රට එන්න එන්නම බරපතල ලෙස අගාධයට යමින් තියෙනවා. ඇති හැකි එකා රට පනිනවා. නැති බැරි සියළු දෙනා අපායේ ඉතිරි වෙනවා. මේක තේරුම් ගන්න බැරි ඇයි?
ගැලරියට ආමන්ත්‍රණය නොකළොත්, ලංකාවේ රජවීම සිහිනයක් මාතියා. ඔහේ මොලකාරයා කියලා අපි දන්නවා.
ඔබතුමත් අද රට පත්වී තිඛෙන තත්වයට වග කිව යුතුයි. මහින්ද චින්තනයට දායක වූවා පමණක් නොව වර්ගවාදී මත මහජනතාව වෙත ප්‍රචාරය කළා.
කියන්න කණගාටුයි. මෙතුමා ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක්.. මෙතුමගේ දැක්ම ඉතාමත්ම යථාර්ථවාදී. ඒත් බලය ලබාගැනීම සඳහා ඕනෑම දෙයක් කීරිමට පසුබට නොවන පුද්ගලයෙක්. අතීතයයට ගිහින් බැලුවොත්, සිහල උරුමය, හෙල උරුමයේ සිට මේ දක්වා ආපසු හැරි බලන්න ද්‍රවිඩ අන්තවාදය මුස්ලිම් ආන්තවාදය ගැන කතාකරපු මොහු අද ඉන්නේ කොතැනද? අද කතාකරනේ මොනවද? බලය හැරණු විට වෙන කිසිවක්ම නැත. කෙසේවෙතත් මොහු මේ රටට, ජාතියට අවැසි වටිනා පුද්ගලයෙක්.
අද අපේ රට ගැන විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙටම ආදරේ ජනතාවට ආදරේ පරිසරයට ආදරේ ධර්මානුකූල නායකයෙක් ඕනේ...!