(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් සොයිසාට වසර හයක ක‍්‍රිකට් තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) පියරව ගෙන තිබේ.
මෙම තහනමත් සමඟ වසර හයක් තුළ ඔහුට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිඳු කාර්යයකට සහභාගි විය නොහැක.
අබුඩාබිහිදී 2017 වසරේ පැවැති ටී10 ක‍්‍රිකට් තරගාවලියේදී සිදුවූයේ යැයි කියන මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවන් සොයිසා 2018 ඔක්තේබර් මස 31 වැනිදා සිට තාවකාලික තහනමකට ලක්ව සිටියේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු මෙම ටී 10 තරගාවලියට සහභාගි විය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) පැවැත්වූ පරීක්‍ෂණයේදී සොයිසා අයි.සී.සී. නීති රීති පද්ධතියේ වගන්ති තුනක් කඩකර ඇති බවට තහවුරු වී ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පවසයි.
ලෝක වාර්තාවකට ද හිමිකම් කියන වමතින් වේග පන්දු යවන 42 හැවිරිදි නුවන් සොයිසා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 30 කදී කඩුලූ 64 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 95 කදී කඩුලූ 108 ක් දවාගැනීමට සමත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 06ක්..? මෙයා ක‍්‍රිකට් ගහන වයසකද ඉන්නේ?
මොහුට සදාකාලික ක‍්‍රිකට් තහනමක් පනවලා හිරේ දාන්න ඕනෑ.
නීලකාස හොරෙක් රටේ ජනාධිපති කරගෙන ඉන්න රටක සුදන මිනිස්සු මුදලට තරඟ පාවා දුන්න ක්‍රීඩකයෙක්ට දුන්න දඬුවම මදි කියල නහින්න හදන හැටි..අඩුම තරමෙ ඒ ක්‍රීඩකයා දඬුවමකට යටත්ව ඒක පිළිගෙන කටයුතු කරනවා.හැබැයි ජනාධිපති උන කෙනා තනතුරේ බලයෙන් නඩු ටිකෙන් නිදහස් වෙලා තව හොරකම් කරනවා..
අද බොහෝ ක‍්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොව, තමන්ගේ පුද්ගලික වාසිය තකායි. එබැවින් ක‍්‍රිකට් ක්‍රීඩාව සඳහා තව දුරටත් මහජන බදුමුදල් කාබාසිනියා නොකළ යුතුයි...
මේ රටේ රජාගේ ඉඳලා දුගියා දක්වා හොරු..