
(සනත් ගමගේ)
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන "මේන් චිෆ් 5" මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.
එම නෞකාවේ පැමිණි මගීහු හම්බන්තොට වරායේ සිට යාල වනෝද්‍යානය, බූන්දල, උඩවලව, කතරගම, ගාල්ල සහ හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය බලා පිටත්ව ගියහ.
කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුව සංචාරක මගී නෞකාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බව වරාය කළමණාකාරිත්වය කියයි.
මෙම නෞකාවේ පැමිණි සංචාරකයන්ප්‍රවාහනය කිරීමට සංචාරක සමාගම් බස් රථ යොදවා තිබූ අතර හම්බන්තොට ත්‍රී විල් රියදුරන්ට සහ වෙනත් කුඩා වාහන හිමියන්දට කෙටි ගමන් සඳහා සංචාරකයන් රැගෙන යෑමට අවස්ථාව ලබා දී තිබිණි.
ඒ අනුව හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය, යාල ජාතික උද්‍යානය වැනි ස්ථානවලට එම රථවලින් සංචාරක මගීන් රැගෙන යෑම සිදු විය.
නෞකාව අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඉතින්... අප්පච්චි ඩොලර් බිලියන ගාණක ණයක් අරන් හදපු සුදු අලි වරාය බලන්නේ නැතිව වෙන කොහේ යන්නද?
ලංකාවට විදේශය සංචාරකයන් පැමිණි පසු වරාය / ගුවන්තොටුපල හෝ වේවා දේශපාලකයන්ගේ පැමිණීම හෝ Voice cut ලබාදීම කිසිදු අවශ්‍ය තත්වයක් නොමැත. විදේශිකයන් පැමිණීමේදී welcome to beautiful sri lanaka "large banners with colourful pictures" ඔවුන්ට දැක ගැනීමට වරාය / ගුවන්තොටුපල තිබීම දේශපාලකයන් පැමිණීමට වඩා වැදගත්වේ. ලෝකයේ කිසිදු රටක මෙවැනි අනවශ්‍ය දේශපාලන රගපෑම් නොමැත.
මේ ජාත්‍යන්තර වරාය කියන්නේ අර රනිල් චීනයට විකුණපු වරායට නේද?
"නැවෙන් ඇවිත් අතින් කාලා අපේ මිනිස්සුන්ගේ අසංවිධානාත්මක කමකට නැති වැඩ නිසා පෝලිං වල පරණ පව් ගෙවති" කීවානම් තමා නිවැරදි. දැක්කනේ වාරයේදී, යාලදී එහෙම වෙච්චදේ. මේ කිසිකෙනෙක් මේ සම්මතේදී ආයෙත්නම් අපේ රටට එනවා තියා හිතන්නෙවත් නැතිවෙයි. ඔය ටිකට ඩොලර් ලක්ෂයක් හෙව්වා කියලයි කියන්නේ. එයින් කීයක් වරායේ කුලිය හැටියට චීන සමාගමට ගෙව්වද දන්නේ නැහැ නේද ?
යාල වනෝද්‍යානයේ ඉන්න සත්තුන්ගෙන් හිරි හැර වෙන්න නෑ. හැබැයි මැති ඇමති බැණලාගෙන් ප්‍රවේසම් වෙන්න.