






ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් යළි එරටට භාර දෙන ලදී.
ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබූ එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියානු ඉංජිනේරු පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණියහ.
අළුත්වැඩියා කටයුතුවලින් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් විය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානී දූර්ගාවතී’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd