(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප්රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කරනු ලැබීය.
ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිතය..
මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ දොළ පිදේනි ගාණට...
හානේ... ඉතින් රටම මළ ගෙයක් වෙලා... ආර්ථිකයත් බිංදුවටම බැහැලා තියෙන වෙලාවේරටට සත 05ක වැඩක් නොකරන මේ පින්නුන්ට මොන වාහනද? කොරෝනා අස්සෙම කළේ ගැහිල්ලනේ.. මේවා බයියන්ට හොඳ පාඩම්...
අනේ වාසනාවන්!!! මේ මොහොතේ ජනතාවගේ හදවත් තුල බුර බුරා දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු සෙවීම ගැන. හරිම සනීපයක් දැනෙනවා..
මන්ත්‍රීන්ගෙන් කෙරෙන සේවයක් නැත. පරණ කැබ් රථයක් වත් දීම අනවශ්‍යයි. ඔවුන් ඔය ලීසින් ගෙවන්නෙත් නැහැ. කොරෝනා 19 සඳහා පමණක් විදේශ මුදල් වෙන් කළ යුතුය.
කවුද ගෙවන්නේ? ජනතාවද?
අනේ වාසනාවන් !!! මේ මොහොතේ ජන හදවත් තුළ බුර බුරා නැගෙන ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණා අනේ වාසනාවන්... !!!
රථ ගාය ඉහටත් උඩින්...
කොරෝනාවලට ගොදුරු වූ මිනිස්සුන්ට පාස්කුවට බිලිගත් මිනිස්සුන්ට කිසිම සාධාරණයක් ඉටු නොවූ කල මේ රටේ ලොකු පුටුවල වැජඹෙන අය මේ මොන නැටිල්ලක්ද නටන්නේ..? මේ අයට යන්න අපායවල් නැහැ. මේකද කරන්න තියෙන ලොකුම දේ...? කොරෝනා එන්නත් නැහැ. ඇඳන් නැහැ. ICU ඇඳවල් නැහැ. මේ දූපත යන්නේ කොහේද කියලාවත් හිතාගන්න බැහැ.
දැන් එතකොට ගෙවීමේ ක්‍රමවලට වාහන මෙරටට ගෙනෙනවිට විදේශ විනිමය ඒ වාහන ගෙන්වන රටවලට යන්නේ නැද්ද? අපේ රුපියල් වලින් ඒ රටවල් ගනුදෙනු කරනවාද? අප මේ නොදන්නා නිසා මේ අහන්නේ? එසේ නොමැති නම් මේ තවත් වංගුවක් ගහලා පට්ටියේ අලුත් අම්බරුවන්ට මහජන මුදලින් සැප ලබාදීමට උත්සහයක් නේද යන්න අප මුල් පුරවැසියාගෙන් විමසීමට කැමැත්තෙමු. පට්ටියේ අලුත් අම්බරුවන්ට වාහන ලබාදෙන ආකාරයටම රටේ පුරවැසියන්ටත් එලෙසම ගෙවීමේ ක්‍රමයට ඒ ඒ අයගේ කැමැත්ත අනුව වාහන ලබාගැනීමට කටයුතු කිරීම මුල් පුරවැසියාගේ යුතුකම් ලෙස අප තරයේ විශ්වාස කරන්නෙමු. මක්නිසාදයත් රටේ පුරවැසියන්ගේ පහසුව, සුබසිද්ධිය, රටේ ආරක්ෂාව මෙන්ම මූලිකත්වය දිය යුතු බැවිනි...
ගෙවන්න තියෙන්නේ මාසෙටම රුපියල් දෙකක්ද?
මොන පඬි වැඩක් ද මේ? තියෙන වාහනේ පාවිච්චි කරන්න බැරිද? ඇයි අපි මේ අයට ඡන්දෙ දෙන්නේ..?
ඇයි පයින්ද යන්නේ...?
ඇත්තටම, අපේ පාර්ලිමේන්තුවේ ඉන්නා මන්ත්‍රීවරුන් ටික කරනා අනුපමේය සේවය වෙනුවෙන්, මේ පහසුකම ලබා දුන්නාට කමක් නැහැ. මොකද කෝවිඩ් වෙනුවෙන් රටේ ජනතාවගේ දුක සැප බැලුවා. දැන් ලෙඩ්ඩුන්ට හා ලෙඩේට නිරෝධායනය වෙච්ච අයට සියලු සැප පහසුකම් තියෙනවා. සියලුම රටවාසීන්ට එන්නත විද්දා. දැන් රටේ එක කෝවිඩ් ලෙඩෙක් මියයන්නේ නැහැ. ඒ සියලු ප්‍රශ්න විසඳිලා තියෙන නිසා මේ ජනහිතකාමී මන්ත්‍රී පිරිසට වාහන ලබාදීම ජාතික යුතුකමක්... එය කළයුතුම දෙයක්...
රටට තිබුණු ලොකුම ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරපු අාණ්ඩුවට හදපිරි ප්‍රණාමය. නැතිනම් ඉතින් අපේ කැපවීමෙන් වැඩ කරන අවංක මන්ත්‍රීන්ට ගමනට එන්නවත් විදිහක් නෑ...
ඩොලර් බේරගෙන වැඩේ ගොඩදාන්න නම් මේ කියන විදියට ජපානෙටද ගෙවීමේ ක්‍රමයට වාරික ගෙවන්නේ...?
පව්, රටට සේවය කරන්න වෙන්න ඇති
රජය විසින් ලබාදෙන සියලුම තීරුබදු රහිත වාහන ලංකාව තුල එකලස් කල ඒවා කළයුතුයි. අනික වාහන වර්ග 2-3 කට සීමා කළා නම් රජයේ සේවකයින්, ඇමතිලාට ,මන්ත්‍රීලාට දෙන වාහන වලට යන වියදම අඩු කරගන්න පුළුවනි. බලමු දැන් විපක්ෂයේ, ආණ්ඩුවේ මන්ත්‍රීලාගේ හැසිරීම... දවස් 10ට පාර්ලිමේන්තු ඇවිල්ලා, තීරු බදු පර්මිට් එක ගත්තු ජාතික වස්තූන් ඉන්න රටක් මේක...
දැන් සැපද?
ඒ වාහන ටිකත් චීනාගෙන්ම ගන්න. අපේ කට්ටිය ඒවායේ නැගලා යනකොට කාටද අාඩම්බර...?
ඡන්දේ දීපු මිනිස්සුන්ට පරණ ගිලන්රථ, වාහන අලුත්වැඩියා කරලා දෙන්නේ.. මෙයාලට බ්‍රෑන්ඩ් නිව් 2022... අපේ සල්ලි...
මැරුණත් මේ පුරේ.. මේ මනරම් සමේ.. උපදින්න මතු වාසනා...
නිරාවලට ගියාට පස්සේ ආයෙ මනුස්ස ලෝකයක් දකින එක නම් බොරු මහත්තයෝ... මෙච්චර රට වැසියා පීඩාවට පත් වෙලා ඉද්දී දැන් රටේ තියෙන ලොකුම අවශ්‍යතාවය මන්ත්‍රීවරුන්ට වාහනද..?
එක රටක්... එක නීතියක්, මේ රජය ගේන්න මැරීගෙන වැඩකරපු දැන් වලේ වැල් නැතිව ඉන්න වාහන සේල් කාරයින්ට මේ ගැන මොනවද හිතෙන්නේ?
ගෙවීම් වාරික විදියට ගෙවීම් කරන්නේ ජපානයේ ඔය කියන ආයතනයට නෙවෙයිනේ.... ඒ ගොල්ලන්ට ඔක්කොම ගෙවනවනේ... වාරික ගෙවන්නේ මෙහෙ තියෙන ආයතනයටනේ.. එතකොට රටේ සල්ලි ගිහින් ඉවරයිනේ... කාටද මේ බොරු කරන්නේ? මේක රටේ මිනිස්සු මුලාකරන්න හදපු අලුත් මොඩ්ල් එකක්..
ජනාධිපතිතුමාගෙන් ඉස්සෙල්ලා අහන්න එයා දන්නවද ඉස්සෙල්ලා මේක ගැන කියලා නැත්නම් පස්සේ මහජන විරෝධය ආවට පස්සේ ඇවිල්ලා කියයි.. මගේ අණින් නැවැත්තුවා කියලා අන්තිමට ඒ ලකුණු ටිකක් එයාට...
මගේ පුංචි නැතිවුණා සති 02කට කළින්... එයාට ICU එකක් හරි වෙලාවට හම්බ වුණේ නැහැ. එයාට හරි වෙලාවට ICU ඇඳක් හම්බ වුණා නම් එයා සමහර විට දැන් ජීවත් වේවි.. මෙයාලා මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හිතන්නේ තමන්ගේ සැප පහසුව විතරයි. මොන දෙයියන්ට මේ අවනඩුව කියන්නද?
අපි මුලු ලෝකෙ වටේටම ණයයි නේ.. තවත් බොරුවට ණයවෙන්නනේ හදන්නේ. කවුද මේ පිස්සු කරන්නේ..? ඔය තියන විදිහට මේ අමාරු කාලේ යන්න කියන්න. වාහන ගෙන්වන්න එපා...
පර්ම්ට් විකුණ ගනිල්ලා, ඕක තමයි ලංකාවේ තියෙන සුපිරිම ජොබ් එක, සැප ගන්න, සල්ලි හම්බ කරන්න, රට රාජ්‍යවල රස්තියාදු ගහන්න, පොලිසියේ මහත්තුරු සැලියුට් ගහන්න. සුදුසුකම් ඕන නැති එකම රස්සාව...
හෙණ තමයි ඉල්ලන්න තියෙන්නේ...
වාහන ගත්ත තරමට දේශපාලකයන් රටට සේවය කළානම් අද මේ රට ඇමරිකාවටත් වඩා දියුණු රටක්... දේශපාලකයින්ට දෙන අවස්ථාව සාමාන්‍ය ජනතාවටත් හිමිවිය යුතුයි. මොකද ඒ මිනිස්සු ඊට වඩා රටට දෙයක් කරන නිසා...
නෑ නෑ මේවා බොරු කතා. මේ සැප වාහන වගේ පෙනුනට ඒවා සියල්ලම කොවිඩ් වසංගතය මේ රටින් තුරන් කිරීමේ මහා සටනට විශේෂයෙන් සකස්කළ ගිලන් රථ. කිසිදේකට බයවෙන්න කාරණාවක් නැහැ. අපේ මහාචාර්ය ඇදුරුතුමා කියන ආකාරයට කිසිදු පක්ෂ භේදයකින් තොරව මේ සැප ජීප් වගේ පෙනෙන "නවීකරණය කරන ලද" ගිලන්රථ බෙදා දුන්නාට පස්සේ අපේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනාගේ කැපවීමෙන් මේ වසංගත මාරයා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එලවනවා එලවනවාමයි. අායේ දෙකක් නෑ.
විදේශ විනිමය රැක ගන්න කහ ගෙන්වන්නේ නැහැලු... නමුත් කෝටි ගාණක වාහන ගෙන්වන්න පුළුවන්. සර් ඔයා නම් අතිවිශිෂ්ඨයි.
ඉතාමත් වැරදි වැඩක්. මේ මුදල් කරුණාකරලා එන්නත් ගේන්න යොදවන්න. නැත්නම් ඒ මුදලින් ඇම්බියුලන්ස් ගෙන්වන්න. දැන් බලන්න පුළුවන් ජනහිතකාමී නියෝජිතයන් කවුද කියලා. රටම අගාධයකට යමින් තියෙන මේ වෙලාවේ මේ වැඩේ සම්පූර්ණයෙන් හෙළා දකිමු.
මොනවද කියන්නේ රට ස්වයංපෝෂිත කරලා, දියුණු කරලා කොච්චර වැඩ කරලා තියෙනවද? ඉතින් වාහන ඕනෙමයි... නොදකින්...
අනෝරා වැස්සෙන් බේරෙන්න වැස්සට බැනලා වැඩක් නෑ. අඩුම තරමේ පැලක් වත් අටවා ගනිල්ලා.. අවුරුදු 73 ක්ම තෙමනා ලෝකේ නැති වසංගත හදාගත්තා. ඒත් නුඹලා අපිට පැලක්වත් අටවා ගන්න වුවමනාවක් නෑ...
මුන්ට බරකරත්ත දීපල්ලා...
දේශපාලනයට එන්නේ ලැබෙන වරප්‍රසාද ගැන හිතාගෙන වෙන්න ඇති. නමට නම් මහජන සේවකයන්...
69 ලක්ෂයට විතරක් නොවේ .. දැන් අපි හැමෝටම සැප තමයි.
වැහි නැති හෙන... වැහි නැති හෙන...!
ණයට කාර් ගෙනැල්ලා දර්ශන දාන්න පුළුවන් අයට... කොරෝනා එන්නත් ගෙනැල්ලා මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිද?
පනතට ඡන්දෙ දුන්නා නම් බඩුම තමයි. ඔය එන්නේ ගානට...
මාසෙකට රුපියල් 30,000.00ක් නැති අපේ කෑම වේලටත් බදු ගහන ඔක්කොම බංගවේවා...!!!
ලබන ආත්මේ ලංකාවේ උපදිනවා නම් අඩුම තරමින් මන්ත්‍රී කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ලැජ්ජයි, ඔවුන්ට ඡන්දය දුන්නු අයට හොඳ වැඩේ. එජාපයත් ඕකම තමයි.
මේ අයට කොරෝනා වත් නැද්ද?
කෝවිඩ් ලෙඩ්ඩු එහා මෙහා ගෙනියන්න වෙන්න ඇති මන්ත්‍රීලාට වාහන දෙන්නේ...
මේ අයට හෙණ ගහන්න එපෑයැ... මේ කොරෝනා විපතත් එක්ක කරන ජරා වැඩ... ඇම්බියුලන්ස් ටිකක් ගෙනාවා නම් මොකද MOH නිලධාරීන් බිම් මට්ටමේ කොරෝනා වැඩ කරන අය එයාලට වාහන ගෙනත් දුන්නා නම් මොකද වෙන්නේ..? ඔය අපරාද කරලා මේ අය කොහේ යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැනේ...
ගොන්නු කියලා හිතුවේ නැහැ මේ අය...
ඇත්ත පොරොන්දු වුන දේවල්, කොන්ත්‍රාත්තුවේ අත්සන් කරපු දේවල් ඔක්කොම දෙන්න වෙනවා.
"රෝමය දැවෙන අතරතුර නීරෝ ගීතය වාදනය කළේය."
වැඩ බැරි ආණ්ඩුව එළවලා දාමු.
මෙම අවස්ථාවේදී මෙය මොන විකාර තීරණයක්ද. ඔවුන්ට වාහන අවශ්‍ය ඇයි?
රොමේ ගිනිගනිද්දී, විනා වයනවා වගේ වැඩක්නේ.
මේක නිකන් දෙනවා වගේනේ... දියුණු රටක් නම් මේ ඔක්කොම ගෙදර.