(අජන්ත කුමාර අගලකඩ,සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවිරරත්න)

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇත.

ඒ අනුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම  20 වැනි දා පැවැත්වීමට ද  එහිදි තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.