
එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සහන සැලසීමටත් ඊට ප්‍රතිචාර දැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලටත් සහාය දැක්වීමක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක මානුෂීය ආධාරයක් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.
මෙම හදිසි අවස්ථාව හේතුවෙන් ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර කිරීමටත් ඒ සඳහා ගෙන ඇති ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබාදෙමින් පවතින සහාය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා නියෝජිතායතනය (USAID) හවුල්කරුවන් හරහා මෙම අරමුදල් ලබා දෙන බව ද එම කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කළ උපකාරයට ඇමරිකාවට ස්තූතියි. ඒත් ඒ ආධාර නිසි අයුරින් අසරණ වූ මිනිසුන් වෙත ලැබෙනවා නම් තමයි හොඳ...!!!
ඇමරිකාවෙන්ම ඇවිල්ල පීඩාවට පත්වෙච්ච අය හොයා බලල ආදාර බෙදල දුන්නනම් තමයි වටින්නෙ. නැත්නම් පීඩවට පත්වෙච්ච මිනිස්සුන්ට හුලං තමයි.
සල්ලි දෙන්න එපෝ දෙනවනම් ධීවරයින් ගෙන්වලා ඒ අගේ ගිනුම්වලට දාන්න
ඇමරිකාව ආධාර දෙන්නෙ හොඳකට නම් වෙන්න බෑ.මේවයෙ යටි අරමුණු තියෙනව.චීනෙ වගේ නෙමෙයි ගොයියෝ ඇමරිකාව සතා...ප්‍රවේශමෙන්.විමල් ඇමතිතුමා මේක අපිට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.
එම් සි සී ගිවිසුමට විරුද්ධව කැ ගහපු අය කොහේද දැන්
රාජ්‍ය ආයතනයක සම්බන්ධීකරණය ඇතුව රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ධීවරයන්ගේ ගිණුම් වලට බැර කලොත් හොඳයි
මේක උප්පර වැට්ටියක්.. මේ අයට කොහොමත් රක්ෂණ සල්ලි හම්බ වෙනවා..