
(යොහාන් භාසුර)
ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැත්වු ‘කොවිඞ් 19’ පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
මීට පෙර වාර්තා වු කොවිඞ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.
(ඡායාරූප ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප‍්‍රභේදයට සමාන සහ වෙනත් කොරෝනා ප්‍රභේද ලෝකය පුරා මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. විශේෂයෙන් ඉන්දියාව, පාකිස්ථානය සහ අප්‍රිකානු රටවල සිට පැමිණෙන්නා වූ ගුවන් ගමන් මේ වනවිට නවතා ඇත. ලංකාවේ එන්නත ලබාදීම ඉතාම සීමිතව සිදුවන නිසා වෛරසය පැතිර යාම ඉහළ මට්ටමක පවතී. කොරෝනා නිසා ඉන්දියාවේ මේ වනවිට දිනකට මැරෙන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. එමෙන්ම මැරෙන්නා වූ සියලු දෙනාම කොරෝනා වලින් මැරුණු බවට තහවුරු නොවූවත් සියලු මරණයන් කොරෝනා නිසා සිදුවන බවට කියමින් ඉතාම සූක්ෂම ක්‍රියාවන් සිදුවෙමින් තිබෙන බව ඒ මගින් දැනගන්නට ලැබුණි. දැන්වූ ආකාරයට මෙසේය. ඉන්දියාවේ රජයේ සහ පුද්ගලික රෝහල්දී මරණයට පත්වන පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයව ඉතාම සූක්ෂම ආකාරයෙන් ඉවත් කිරීමේ මාෆියාවක් සිදුවන බව දැනගන්නට ලැබුණි. එම ඉවත් කරගන්න අභ්‍යන්තර අවයව ඉතාම ඉහළ මිලකට මාෆියා කණ්ඩායම් මගින් විකිණීම සිදුකරන අතර රෝහල් සහ රෝහල්වල කාර්ය මණ්ඩල සම්බන්ධව ඇත. ලංකාවේ මෙසේ සිදුවීමට ඉඩ තිබේදැයි කියා සොයාබැලීම කාගේත් යුතුකමකි.
මොන නීති ගෙනාවත් වැඩක් නැ පොදු ප්‍රවාහනය අද ව්‍යාපාරයක් විතරයි ගාස්තු වැඩිකරගෙන පොල් පටවගෙන වගේ මිනිස්සු ප්‍රවාහනය කරන්නේ මේක අපරාධයක්
හපොයි..., දැන් මොකද කරන්නේ?
කොරෝනා යක්ෂයා වාතයෙනුත් බෝවෙනවද? මගෙ අම්මෝ ගෙදරටම වෙලා තවත්කාලයක් ඉන්න වෙනවා. නැත්නම් ලංකාවත් රෝග මූලස්ථානයක් වෙයි. කවුරු කවුරුත් ප්‍රවේශම් වෙන එක හොඳයි.