
(අමදෝරු අමරජිව)
නිලාවේලි මුහුදේ ගෝපාලපුරම් කොටසේ දිය නාමින් සිටි තරුණයක් පිරිසක් අතුරින් තිදෙනකු දිය වැලකට හසුවි ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනකු බේරා ගෙන ඇතත් එක් අයකු අතුරදහන්ව ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
පොලිස් ජිවිතාරක්ෂක ඒකකය හා නාවික හමුදා වෙරළාරක්ෂ බලකාය එම දෙදෙනා බේරාගෙන ඇති අතර අතුරුදහන්වු තවත් තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
මාතලේ ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් වාර්ෂික විනෝද චාරිකාවක් සදහා මෙලෙස පැමිණ ඇති අතර දිය නෑමට සීමා ලකුණු කර ඇති කොටසින් ඔබ්බට ගොස් දිය නෑම නිසා මෙම අනතුර සිදුවි ඇතැයි පොලිස් ජිවිතාරක්ෂක ඒකකය කියයි.
මෙලෙස අතුරුදහන් වි ඇත්තේ තලාතුඔය,දඹගහවෙළ,පට්ටියමුල්ල පදිංචි නලින් ප්‍රියන්ත (21) නැමැති තරුණයෙකි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd