ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කරන රාජකාරි විවේදනය කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය වීඩියෝ පට හා අන්තර්ජාලය තුළ ප‍්‍රසිද්ධි කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එවැනි කි‍්‍රයාවන් අන්තර් ජාලයට මුදා හරින තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉතාලියේ ඉන්න කාන්තාව කළ ආකාරයට පරුෂ වචනයෙන් බනිමින් තර්ජනය කිරීම මම අනුමත නොකරන අතර රජයේ නිලධාරී කරන වැරදි ශිෂ්ට සම්පන්නව සාධාරණව විවේචන කර ඔවුන්ට පෙන්වා දීමට පුරවැසියන් වන අපට ද අයිතියක් තිබෙන බව සදහන් කළයුතුයිි.
ඉතාම හොද තීරණයක්. මෙය ගතයුතුව තිබුනේ මිට පෙර බවත් පමාවී හෝ එම තීරණය ගැනීම අප අගයන්නෙමු. මේ අවස්ථාවේ " හැම රෙද්දේම වැරදක් අඩුවක් දකින කාලකන්නිිිිින්ට " අප සදහන් කරන්නේ අඩුපාඩු බලනවාට වඩා ධනාත්මකව එම නිලධාරීන්ගේ වැඩ ගැන අප අගය කළයුතු අතර ඔවුන්ව අප දිරිගැන්විය යුතු යන්න අප තරයේ විස්වාස කරන්නෙමු. යමක් කරනවිට පමණයි අඩුපාඩු සිදුවන්නේ කිසිදු වැඩක් නොකර බලාගත් අත බලා සිටිනවිටනම් කිසිවෙකුගෙන් අඩුපාඩු නොවෙනු ඇත. එය මෙම හරකුන්ට නොතේරීම අවාසනාවකි.සියලුම පුරවැසියන් මෙන් අදාළ සේවාවන් වල දී සිටින සැමට යහපතක්ම වේවා !!! ලංකා මාතාවට ඉක්මනින් මෙම උවදුරෙන් බේරීමට හැකි වේවා !! සැමට හොද් වේවා !!!
ඉතා වැදගත් ප්‍රශස්ත තීරණයක්, දිවා රෑ පෞද්ගලිකත්වය නො සලකා රාජකාරි කරන සියළු නිලධාරීන්ට රජයේ රැකවරණ අත්‍යාවශ්‍යයි. හැබැයි මේ නීති එලෙසම ක්‍රියාත්මක වීමයි වඩා වැදගත්. අපි දන්න තරමින් කොරෝනා අසාධිත දේශීය රෝගීන් මියදීමට පෙර නොමරා මැරූ අර දේශපාලුවන් දෙදෙනාගෙන් නම් තාම කටඋත්තරයක්වත් අරගෙන නැහැ.
රාජ්‍ය නිලදරුවනි, වැඩියමත් කනගාටු නොවන්න. බුදු හාමුදුරුවන්ටත්, ජේසුතුමන්ටත්, නබිතුමාටත් විරුද්ධවාදීන් හිටිය බව අපි සැවොම හොඳින් දන්නවා, අහලා තියෙනවා. පොතපතේ ලියවිලා තියෙනවා. හිත් පිත් නැති මිනීපෙට්ටි කරුවන්ට පමණක් ඔබලා කරන්නාවූ අනිගි සේවය නොවටින්නේය. අපි ඔවුනට අනුකම්පා කරමු, ක්ෂමාව දෙමු. ඔබලාගේ විශිෂ්ඨ සේවය අගයන දවස වැඩි ඈතක් නොවේ. එදාට අපි නිහතමානිව සුසුමක් පිටකරමු.
මේක මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක්... මොකද මේ ජාතික - ගෝලීය ව්‍යවසනය දඩමීමා කරගෙන තමන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පමුනවාගන්න උත්සාහ දරන කාලකන්නි ඉන්නේ මේ රටේ විතරමයි. බෙහෙත් දිය යුතුමයි... ඇයි අර බෙහෙතක ඖෂධීය නාමයයි, වෙළඳ නාමයයි දන්නේ නැති සමහර දේශපාලන අද බාලයොත් මාධ්‍ය ඉස්සරහ පච වුනේ...
අපිට රුපවාහිනිය බැලුවාම නිතරම දකින්න ලැබෙන්නේ පැන්ෂන් ගිය හමුදා ලොක්කන් , පොලිස් නිලධාරීන් ,අනෙකුත් රජයේ නිලධාරීන් කීප දෙනෙක් ගෙන්නලා ඔවුන්ව පුම්බන එක විතරයි.... ඇඳිරි නීතිය නිසා ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්න මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද? ඒ අයට සහනයක් සලසෙනවද කියලා කිසිම මාධ්‍යකාරයෙක් කතා කරන්නේ නැහැ . අද දවසේ මෙපමණ පුද්ගලයෝ ප්‍රමාණයක් අත් අඩංගුවට ගත්තා කියලා දවසේ ස්කෝර් එක විතරක් කියනවා .
ඕනෑම කෙනෙකුට විවේචනය කිරීමට ඉඩ දෙන්න.
කරුණාකර පැමිණිලි කල හැකි දුරකථන අංකයක් දන්වන්න