IMG-LOGO

නීලාගේ දේහය ගුවනින් මෙරටට

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගායිකාවක සහ සංගීත අධ්‍යක්‍ෂකවරියක වූ, අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉතාලියේ මිලානෝහි මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු එරට දී ඊයේ (17) අභාවප්‍රාප්ත විය.

නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය ඉකුත් 29 වැනිදා වැඩ භාර ගත් බව ද එම නිවේදනයෙහි සඳහන්ය.

නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කරන බවත්, ඇගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරන බවත් එම නිවේදනයෙහි  සඳහන්ය.



අදහස් (8)

නීලාගේ දේහය ගුවනින් මෙරටට

Lalith M Tuesday, 18 January 2022 05:48 PM

විදේශ විනිමය? ආච්චිලා සීයලාට සැප ගන්න දෙන තනතුරු.

:       1       0

සෙනෙවිරත්න Tuesday, 18 January 2022 06:11 PM

ඒකටත් ඉතිං අපේ ඩොලර් තමයි. පණ හයිය එකෙක් දැම්ම නම් මේක වෙන්නෙ නැහැනෙ. මෙතුමිියටත් පරන පවක් පලදීල මේ තනතුර ගන්න හිත දෙන්න ඇත්තෙ. අපරාදෙ හැකියාව තනතුරකට බාල්දු උනා.

:       2       0

පිටිගල මිලානෝ Tuesday, 18 January 2022 07:18 PM

මරලා හෝ බලයේ සිටින්න කියා හැඟීමක් කලාකාරියකට ඇතිවීම හිතාගන්නත් අමාරුයි. කෙසේ හෝ දක්ෂ විදේශ සේවා නිලධාරියෙක් මේ තනතුරට පත්කරන්න.. නැත්නම් ඊළඟ කෙනාටත් ආතතිය හැදෙයි.

:       1       2

බද්රානි Tuesday, 18 January 2022 07:21 PM

මෝඩ රැල අදපල්ලා... ඒ මළමිනියේ බරත් නුඹලාගේ කරපිටින්. ලංකාවේ බහිරවයින් වගේ ඉපදිලා ඉතාලියේ බින්න බහින්න වෙන්න ඇති හිතාගෙන ඉන්න ඇත්තේ...?

:       3       2

SUNIL MILANO Tuesday, 18 January 2022 07:52 PM

ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර, අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...

:       1       1

sharm warn Wednesday, 19 January 2022 09:36 AM

ඇය සිටියේ හොඳටම අසනීපෙන්... ඇයගේ සෞඛ්‍ය තත්වය වත් නොබලා මෙවැනි රාජකාරියකට අනුයුක්ත කළේ මොන මගඩියක් නටන්නද?

:       1       2

SUNIL MILANO Wednesday, 19 January 2022 01:53 PM

මේ අපත ජෙප්පොන්ගේ අමන කතා .මේ අපතයද නීලා මහත්මියගේ පුද්ගලික වෛද්‍ය වරිය .හොඳ ශරීර සෞඛයකින් සිටියා.හර්ධ්‍යා භාදයක් ඕනෑම මොහොතක කෙනෙකුට එන්න පුළුවන් බව මේ අපතයා නොදනී

:       2       1

Thanuja neranjan Wednesday, 19 January 2022 04:11 PM

ඔබ තුමියට නිවන් සුව ලැබේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site