IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක්

(රංජිත් රාජපක්ෂ)

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපතිවරයකු තම කාර්යාලයට පැමිණ  තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ  සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා  මහතා පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 

තම ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සහයකයක තරුණියක වසරක කාලයක් සේවය කර වැටුප් ලබා ගෙන තිබූ බවත්, එම තරුණියට සේවයට බදවා ගෙන ඇත්තේ හිටපු සභාපතිවරයා බවයි වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා කියා සිටියේ.

පුස්තකාල සහයිකාවගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරිමේදි ව්‍යාජ ලෙස සකස්කරන ලද අධ්‍යාපන සුදුසුකම් සභාව වෙත ඉදිරිපත් කර පත්වීම ලබා ගෙන ඇති නිසා සභාවේ ලේකම්වරයා විසින් ඇගේ සේවය (20) දින සිට පරික්ෂණයකට යටත්ව තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එම සේවිකාව තම නිවසට (21) දින පැමිණ තමන්ව සේවයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලීමක් කළ බව සභාපතිවරයා කියා සිටියේය.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව ඇයව තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බවත්, එයට තමන්ට කිසිදු බලපැමක් සිදු කිරිමට නොහැකි නිසා තමන්ට අසාධාරණයක් සිදු වී ඇතිනම් ඒ පිලිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන ලෙස ඇයට උපදෙස් ලබා දුන් බවයි සභාපතිවරයා කියා සිටියේ.

ඉන් අනතුරුව තමන් (21) දින උදෑසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිටින අවස්ථාවේ හිටපු සභාපතිවරයා තම කාමරයේ දොර තල්ලු කරගෙන පැමිණ බලෙන් පුටුව මත වාඩි වී තමාගේ පෞද්ගලික වැඩ කටයුතුවලට බාධා නොකරන ලෙසත්, තමන්ට සභාපති ධූරයේ වැඩකටයුතු සිදු කරගෙන යෑමට ඉඩ ලබා නොදෙන බව තර්ජනය කරමින් හිටපු සභාපතිවරයා කාර්යාලයෙන් පිටව ගිය බවයි වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා කියා සිටියේ.



අදහස් (1)

නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක්

Pradeep Kumara Friday, 22 August 2025 11:48 AM

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙකුට මෙහෙම හයියක් තියනවා නම් බලයේ ඉන්නකොට කොහොම කරන්න ඇතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site