
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල් ඉන්ද්‍රවංශ මහතා එහිදී අතුරුදහන් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දින ඔහු අතුරුදහන් වී ඇති බවත් එම තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණී බවත් එම නිලධාරියා කීය.
ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම තරග සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු ඇතුළත්ව සිටි බව කී එම නිලධාරියා එම කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ද සඳහන් කළේය.
ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය මේ මස 2 වැනිදා ආරම්භ විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල්ල සොයා චිත්‍රපටිය වගේ...
ඇති ඔයින් ගියා... මේ යන විදියට හැමෝම බලන් ඉන්නේ ගල් වෙන්න තමයි කොහෙකොහේ හරි...
මේ වගේ පාහරයින් තමයි අපිට ට්‍රාන්සිට් වීසා එකක්වත් ගන්න ඉඩ තියන්නේ නැත්තේ... එහේ ඉන්න දෙමළුන්ට තිබෙන්නේ මෙයාව අල්ලා දෙන්න... මෙයාට ඒවා ඉල්ලන්න බැහැ ආණ්ඩුවෙන් එවපු කෙනෙක් හින්දා..
අනේ මෙහෙමත් පිංගුත්තරයෙක්... තමුන්ගේ කණ්ඩායමට ආදර්ශයක් වෙන විදිහට හැසිරෙන්න ඕනෑ. පුද්ගලයා අවස්ථාව ආවම රටිනුත් පැනයනවා. රටේ නමත් කාලා..
ඒක හොඳයි... රට දැන් පත්වෙලා තියෙන තත්වෙට...
සමහර විට මෙතුමා ක්‍රීඩා ඇමතිතුමාට අදාල නැති, හැබැයි ඇමැතිතුමාගේ නම කැත කරපු ඥාති අක්කාගේ ස්විස්ටර්ලන්තයේ තියෙන කලු සල්ලි, චිත්‍ර ටිකේ ඇත්ත නැත්ත හොයාගෙන පුළුවන් නම් අරගෙනම එන්න නැවතුණා වෙන්න බැරිද? මම දැකලා තියෙනවා ඔහොම දේවල් ඇමරිකන් චිත්‍රපට වල... මල්ලවපොර කියන්නේ ගහලා අරන් එයි...
අපේ රට යන විදිය දැකලා නෝර්වේ ගිහින් ගල් වුණත් සැපයි කියලා හිතන්න ඇති. ඔය විදියට තව කොච්චර කියලා හිතාගෙන ඉන්නවා ඇත්ද?
ගල්වෙලා... වැඩේ වැරදිලා ගෙදර එන දවස වැඩිදුර නෑ...
ගිහින් ආවානම්...? දෙවනුව බටහිර රටවලට විසිට් වීසා ගැනීම පහසුයිනේ...
යුරෝපයේ මේ දවස්වල රැකියාවක් හොයාගන්න එක කළුනික හොයනවට වඩා අමාරුයි. දහස් ගණනින් මගතොට ඉන්නේ...
රට බල්ලට ගියා බල්ලා රට ගියා...
අපායකට එනවාට වඩා දිව්‍ය ලෝකයක ඉන්න කවුද අකමැති ළමයෝ? දුක මේ අනිත් අයත් ඉන්නේ නැතිව ආව එකයි...
මේ කට්ටියට ගල් වෙන්න බැරි වෙලා වගේ...
දැන් බහුතරය ඉන්නේ මේ රටෙන් ගල් වෙන්න බලාගෙන තමයි.
අනේ සුදු වෑන් එකකින්ද?