(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින 14 ක කාලයක් නිවාඩු ලබාදී ඇති බව වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරියා පැවසීමත් සමගම උරණ වූ ජේලර්වරයකු "මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝකරන්න ඕනේ" යැයි පවසමින් දොරටු පාලක නිලධාරියා ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගැනීම සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රියේ මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
එතනින් නොනැවතුණු එම ජේලර්වරයා නිලධාරී විවේකාගාර වලට ගොස් එම ඇඳන් වල ද සැතපී ඇති අතර සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පැළඳුම්ද අතට ගෙන පොඩි කර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලෙන් අනතුරුව එහි විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට නිවෙස්වල ස්වයං නිරෝධායයේ යෙදීමටත් දින 14ක කාලයක් නිවාඩු ලබාදීමට බන්ධනාගාරයේ උසස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.
එලෙස විශේෂ රාජකාරි සඳහා ගොස් නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණි ජේලර්වරයාට ඒ බව දොරටු පාලක නිලධාරියා විසින් පැවසීමෙන් අනතුරුව උරණ වූ ජේලර්වරයා මේ ලෙස හැසිරී ඇතැයි දැනගන්නට ඇත.
ජේලර්වරයාගෙ එම හැසිරීම සම්බන්ධයෙන් රාත්‍රී කාර්යභාර ජේලර්වරයා සහ දොරටු පාලක නිලධාරියා පොලීසියට එම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ආයතන මට්ටමින් ද විමර්ශනයක් අරඹා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා ආසාදිත රැඳවියන් බහුතරයක් දෙනා රඳවා සිටින මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරි සඳහා ගිය නිලධාරීන්ට නිවාඩු ලබාදී ඔවුන්ගේ නිවෙස් වලට මේ අයුරින් යැවීමෙන් යම් පාලනයකට නතුව තිබෙන කොරෝනා වෛරසය ඔවුන්ගේ පවුල් වල, ගම් නියම් ගම්වල පැතිරී නැවත මුළු රටම වෛරසයෙන් වෙලා ගැනීමේ දැඩි අවධානමක් මේ වන විටත් හටගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස රාජකාරිය සඳහා යෙදවූ නිලධාරීන් විධිමත් ක්‍රියා මාර්ගයක් ගෙන ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ මොහොතේ සිට හෝ පියවර නොගතහොත් නැවතත් කොරෝනා පොකුරක් බිහිවීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ගේ අදහසයි.
මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළ කොල්ලෙක්.., මහරදී සිරකරුවන්ට සලකපු ජරා විදිහ දැකලා හිතෙන්න ඇති.
මේ වගේ මෝඩ මිනිස්සු නිසා තමයි කොරෝනා පාලනය කරන්න අමාරු.. ඉතා ඉක්මණට මෙවැනි පිරිස් අත්අඩංගුවට ගෙන සේවයෙන් නෙරපා නීතිය අනුව කොරෝනා පැතිරවීමට කටයුතු කළා කියලා දේපල රාාජසන්තක කරන්න. එක්කෙනෙක් දෙන්නෙක්ගේ මෙලෙස කළ පසු අනෙක් අය නිකන්ම හැදෙයි. මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සුද? අපි මේ වැටුප් නැතිව දැන් මාස ගණනක් ගෙවල්වල එළියටවත් යන්න බැරිව... මේ මිනිස්සුන්ට වැටුපත් සමග දෙන නිවාඩුව ගන්න බෑ.
කොරෝනාවලින් මිනිස්සුන්ට ආතතිය වැඩි වෙලාද මන්දා..?
ලංකාවේ ඉන්නේ පුදුම පිස්සන් ටිකක් නේද?
මුස්ලිම් කෙනෙක් කළා නම් මේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර පිරිලා තියේවි...