IMG-LOGO

නිරෝධායනය වූ තවත් 16 ක් පිටව යති

(රොමේෂ් මධුෂංඛ)

යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 16 දෙනෙකු අද (03) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය අවසන් කණ්ඩායමද මෙය බව යුද හමුදාව සඳහන් කළේය.

යුද හමුදාව හා ගුවන් හමුදාව වන්නි දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිට නිරෝධායනය ක්‍රියාවලිය අවසන් වී පුද්ගලයින් 538 දෙනෙකු මේ වන විට නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ  පෙරියකාඩු හා පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය අවසන් කළ   පුද්ගලයින් 332 දෙනෙකු ද ගුවන් හමුදාව අධීක්ෂණය යටතේ වන්නි ගුවන් හමුදා කඳවුරේදී පුද්ගලයින් 206 දෙනෙකුද මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය පරිදි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය හා වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ අධීක්ෂණයන් පරිදි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් දිනක් දෙකක් වැනි කාලයක් තුලදී පිහිටුවා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබීය.

 

 

 

 



අදහස් (0)

නිරෝධායනය වූ තවත් 16 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site