
(ටී.කේ.ජී. කපිල)
කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුව වී පැමිණෙමින් සිටි පිරිසක්, ඔවුන් ගම්පහ වෙත පැමිණෙමින් සිටි බස් රථය අතරමග දී නවත්වා මත්පැන් පානය කර ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එම පිරිස බීමත්ව එම ස්ථානයේත් බස් රථය තුළත් කළහකාරී අන්දමින් හැසිරී ඇති බවද අනාවරණය වී තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
තමන් මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේකම්, හමුදා සහ පොලීසියේ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මැද වුවත් බෝතලේ හැර දාලා... ඉන්නට හැකිද මේ ලෙස පැත්තට වීලා...?