(අමදෝරු අමරජීව )

බුදුපිළිම නඩුවට අදාළව සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බන්ධනාර බස් රථයට නංවා ගනිද්දි එම නඩුවට සම්බන්ධ රැදවියකුට බන්ධනාගාර නියාමකවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක් ලැබුණු බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි.

සීගිරිය ලකේගල විහාරස්ථානයේ සීගිරියේ ධම්ම ලක්ෂිත හිමියන් කළ එම පැමිණිල්ලට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

බුදුපිළිම නඩුවට අදාල රැඳවියකුට සිදුකළ මෙම පහරදීමේදී පහර දුන් නියාමකවරයා හෝ පහර කෑ රැඳවියා කවුද යන්න නමක් සඳහන් කර නොමැති මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට වරාය පොලිසිය කටයුතු කරගෙන යයි.

අධිකරණ නියෝග මත බුදුපිළිම නඩුවට අදාළ රැඳවියන්ගෙන් ප්‍රශ්න කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව වරාය පොලිසිය කියයි .

වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සසංක කුමාර සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.