
(රොමේෂ් මධුෂංඛ)
යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවත්වීම චෝදනා මත එම කෝවිලේ පාලක සභා සභාපති සහ ලේකම් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය පසුගිය 25 වනදා පැවති අතර ඒ සඳහා සහභාගී වූ බැතිමතුන් වැඩි පිරිසක් මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ භාවය තබා නොගෙන නිරෝධායන නීති උල්ලංගනය කරමින් දේව මෙහෙයන්ට පැවත්වීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දේව මෙහෙයට බැතිමතුන් 50 කට පමණ සීමා කරන ලෙසට දැනුම් දී තිබුනද තේරු උත්සවය වෙනුවෙන් 500 කට අධික පිරිසක සහභාගී වීමත් මේ වන විට යාපනයේ දැඩි කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතැයි යාපනයේ සෞඛ්‍ය නිලධාරීහු චෝදනා කරති සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් 15 කතරගම දේවාලෙට ගියපු අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? කතරගම මහ දේවාලේ මහ කපුවට නඩු දාන්න ඕනෑ...