(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 325:දෙනකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ සහ මහනුවර ප්‍රදේශවලින් බව ද හෙතෙම කීය. එම පිරිස 125කි
ගම්පොල ප්‍රදේශයෙන් 64 සහ මහනුවර ප්‍රදේශයෙන් 61 වශයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 46260 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගෙන්නන අය අල්ලන්නත් ඔය උනන්දුව තිබ්බනම් නියමයි.