(ඉන්දිකා රාමනායක)
නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී අතරමග දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි .
යුද හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කපිතාන්වරයාට අමතරව කෝප්‍රල්වරයකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනකු සිටින බවත් මොවුන් කල්ලාර් යුද හමුදාවට කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද අජිත් රෝහණ මහතා කියයි.
ඉකුත් 30 දින සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද හමුදා සෙබලකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුගේ පෙළඹවීමක් අනුව මොවුන් මෙම සිද්ධිය සිදු කර ඇති බවද අජිත් රෝහණ මහතා කීය.
සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරලත් මැරයෝ වෙන්නැති...
රණවිරුවන් නේද? අත්ඇරලා දාන්න. ගෝඨාභය මහත්මයා රණවිරුවන්ට හිරිහැර කළා කියලා කියන්න ඕනෑ නැහැනේ...