IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නොරොච්චෝල බලාගාරයේ අළු වලින් අධිකරණයක් හදයි

(අංජුල මහික වීරරත්න)

රජය පවතින තුරු පුරවැසියන්ට සහ වෘත්තිකයින්ට තම රාජකාරිය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා දෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 202 ක මුදලක් වැය කරමින් අභිනවයෙන් ඉදි කරන ලද පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට  එක්වෙමිනි.

නොරොච්චෝල විදුලි බලාගාරයෙන් ඉවත් කරන ලද අළුවලින් සකස් කළ ගඩොල් භාවිතා කරමින් මෙම  අධිකරණ ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සිදු කර ඇති අතර අධිකරණ අමාත්‍යවරයා ඉදි කිරීම් සිදු කළ පෙදරේරු මහතා සමඟ හමුවී සුහද කථා බහක ද  නිරත විය.



අදහස් (0)

නොරොච්චෝල බලාගාරයේ අළු වලින් අධිකරණයක් හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site