(ඩයනා උදයංගනී)
රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ සැබෑ ජනතාවාදී නායිකාවක් වීමට හැකිවූයේ එතුමිය සමඟ වැඩ කළ හැකි අවංක ඇමති මණ්ඩලයක් සිටි නිසා යැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 1970 ආණ්ඩුවේ මෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 1956 ආණ්ඩුවේ සිටි ඇමති මණ්ඩලය 1947න් පසු මේ රටේ ආණ්ඩුවල සිටි ඉතා ප්‍රබුද්ධම ඇමති මණ්ඩල බව කී හිටපු ජනාධිපතිවරයා පසුගිය වසර තුන හතරේ සිටි ආකාරයේ ඇමතිවරු සමයේ සිටියා නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය වූ දිනට බොහෝ පෙර ඝාතනය වීමට ඉඩතිබූ බව ද කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු නායිකා, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණසමරුව නිමිත්තෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (10) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ මොලේ පෑදෙන කතාවක් කිව්වා.
ඔයාටත් වුනේ එහෙමද? එතකොට නායකයත් කපටි වෙලා, ගෝලයෝත් කපටි වෙලා... රට්ටු මෝඩයින් වුණා නම් වැඩේ ලේසියි නේද? මේ රටට වුණේම ඒකනේ...
රට කාපු හොරුන්ට කන්දෙන්න... ජනාධිපති තාත්තා පොත් වලකට දාන්න. ඒ පොතට ගැලපෙන තැන එතැනයි...
මරු නායකයෙක් කියන්නේ... !
බණ්ඩාරනයක මැතිණිය හිටියා නම් ඔබගේ කතාවට කනේ පහරක් ගහනවා ස්ථිරයි...
ලංකාව නැත්තටම නැති කරපු එකම නායකයා..
නායකයා අවංක වෙලා ගෝලයෝ කපටි උන එකෙන් ගෝටාට වැරදුනා .ගෝලයෝ අවංක වෙලා නායකයා කපටි උණු එකෙන් රනිල්ට වැරදුනා .කපටිකමයි අවංක කමයි දෙකම නැති නිසා ඔබතුමාට වැරදුනා .ඇල්වතුර වගේ ඉඳලත් වැඩක් නැහැ.අන්න ඒකට ජේ ආර් .නායකයත් කපටි ,ගෝලයොත් කපටියි .අන්තිමේ ඉන්දියන් කාරයොන්ට යන එනමන් නැති කරලා දැම්මා .
යකෝ,කපටි එවුන්ව ඇයි අයින් නොකෙරේ?
ඩ්.ඇස්,ඩඩ්ලි ,වගේ අවන්ක අය ඉස්සර නම් උන්නා.පස්සෙ ආපු නායකයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. පට්ට හොරු, බල ලෝබියෝ ,හොර තක්කඩි යෝ?
ලී ක්වාන් යූ ටත් මේ ප්‍රශ්නය තිබුනා, නායකයෙක්නම් ඕක ප්‍රශ්නයක් නොවෙයි.