
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 11කට අදාළව නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම අද තවදුරටත් දීර්ඝ කර ඇත
අධික වර්ෂාපතනය සහ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන නහයම් අනතුරු ඇඟවීම මෙසේ දීර්ඝ කළ බව එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර හා උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය හා යටියන්තොට, මාතලේ පල්ලේපොළ සහ අඹගංකෝරළය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා ඌවපරණගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට හා දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක හා රඹුක්කන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව හා රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, යටවත්ත, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඉඹුල්පේ, ඇහැලියගොඩ, වැලිගෙපොළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද විමසිලිමත්ව සිටින ලෙස දන්වා ඇත
2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාය අනතුරු: දිස්ත්‍රික්ක 11කට රතු එළි