(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන , හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්රණය කළැයි කියන දුරකථන සබඳතාව හෙළි කළ නාමල් කුමාර යන අයගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා අද (13) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ඉන්දියන් ජාතිකයා රඳවාතබාගෙන කරන ලද විමර්ශන අවසන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත්විණි.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ ඝාතන කුමන්ත්රණයේ නියම නිර්මාණය වූ හැටි... චීන්නු මෙහෙ හිටියට අපි කොණ්ඩේ බැඳලා නෑ...!!!