(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කල්එළිය වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හෑරීම සදහා ශාන්තිකර්ම සිදු කරමින් යෙදී සිටි බව කියන කපුවකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ යුවලක හා නිවැසි කපුවා හා තවත් පුද්ගලයෙකි.
ගාල්ලේ පුද්ගලයා පස්යාලේ හෝටලයක නැවති සිටිමින් කපුවාගේ සහායකයා ලෙස කටයුතු කර ඇතැයිද හෙලිවී ඇත.
වෑබඩමුල්ලේ නිවසක හොර රහසේ නිදන් හෑරිමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ හා විශේෂ කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පොලිස් පිරිස එහි යන අවස්ථාවේදී නිවස පිටුපස අඩි දොළහක් පමණ ගැඹුරැති වළක ගල් තට්ටුවක් මත සැකකරුවන් පූද පූජා පවත්වමින් සිටි බව පොලිසිය සදහන් කරයි.
අසල්වැසි නිවසේ කිසිවෙකුටත් හොර රහසේ මෙම සැකකරුවන් මෙම කටයුත්තේ යෙදී ඇතැයිද මලුබුලත් තැටි, දෙහි, මල්වැල්, පොල්, කඩුවක්, ත්‍රීශූලයක්, කුළුගෙඩි, යකඩ ඉනි, ගල්කටු, උදළු, වතුර මෝටර් ඇතුළු දේපල රැසක්ද මේ ස්ථානයේ තිබී තම බාරයට ගත් බව පොලිසිය කීය.
කපුවාගේ දේවාලයේ තිබී බලපත්‍ර නොමැතිව තබාගත් රජයේ අරක්කු බෝතල් දහයක්ද පොලිස් බාරයට ගෙන ඇත. ඔහු ඒවා හොර රහසේ වැඩි මිලට විකිනීම සදහා ගෙනවිත් තිබූ බව අනාවරණය වී තිබේ. සැකකරුවන් හා නඩු බඩු අත්තගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd