





















(ලහිරු හර්ෂණ)
ශ‍්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් අද (31) ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලූමුවදොර පිටියේදී නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලීහ් මහතා සහ එම මැතිනිය සහභාගීවීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පින්තුරේ ඉන්න අලි පැටියාට නම් නිදහස නැහැ වගේ !!
මේ ඡායාරුපයේ ඉන්න අලියා නම් හරිම ලස්සනයි....
එදිනෙදා දෛනික කටයුතු වල නිරත වෙලා සිටින ජනතාවගේ නිදහස අහුරමින්, රටේ නිදහස සමරන ලෝකයේ එකම රට...
ඊයේ නාවික හමුදාවට පහරදුන් කින්නියා වැසියන් ගැන අනුර කුමාරගේ අදහස මොකක්ද.
නාවික හමුදාව වැලි ගොඩ දාන අහිංසකයින් පසුපස එළවීම හරිම නින්දිතයි. බලන්න,එදා වේල හම්බකරගෙන අහිංසකයින්ට ඔහොම කරන්න පුලුවන්ද. අපිට මහවැලි ගඟක් මොකටද. පොතුවිල් වල වැසියන්ට නුවරින් වතුර ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කලයුතු බවට ජවිපෙ අපි අවධාරණය කරනවා. පහර දුන් කින්නියා තරුණයින්ට දේශපාලකයින්ට වීර වික්‍රම පරම විභූෂණ සම්මානය දෙන මෙන් අපි රජයට බල කරනවා
නිදහස් යන වචනය පාවිච්චිකරන්න එපා කියල ආණ්ඩුවෙන් කිව්වා . නමුත් 1948 අපේ රටට ලැබුනේ කුමක්ද ? නිදහසනේ .
අර පින්තුරයේ ඉන්න අලියාගේ නිදහස වගේ තමයි අපට ලැබිලා තියන නිදහසත්, ප්‍රදර්ශනේට උඩින් අන්දවලා තිබුනට, අපිත් විලංගු දාලා ඉන්න අලියයි අතර වැඩි වෙනසක් නැහැ, ඒ අලියට නම් අඩුතරමේ පෙරහරේ යන්නවත් පින තිබුනා, අපි නම් විලංගු දාගෙනම, වහල තියන මහපාරේ කොටන් අදින එක තමයි රාජකාරිය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට ශ‍්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය ද " NATIONAL DAY " එකද කියා පැහැදිලිකරන්න. පසුගියදිනක ඇමතිවරයෙක් නිදහස් දිනයක් නොව ජාතික දිනයක් කියා ප්‍රකාශ කලේ වැරදීමකින් විය යුතුය
මොන නිදහසද? සිරිසේනයි - රනිලුයි රඟපානවා.ඔය වියදම් කරන මුදල් ගොවියන්ගේ ප්‍රශ්න විසඳන්න වියදම් කරන්න බැරිද?