
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 73 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් සහභාගි වු කන්දකුලිය කදවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 දෙනෙකුටය.
සිවිල් ආරක්ෂක දේපාර්තුමේන්තුවේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ කර්නල් ඊප්සිත දිසානායක මහතා පවසා සිටියේ නිදහස් උත්සවයට සහභාගි වු සිවිල් ආරක්ෂ භට පිරිසකට හා නිළධාරින් පිරිසක් මේ වන විට කොරෝනා ආසාධිත වී තිබීම නිසා කල්පිටිය පුහුණු කදවුරේ භට පිරිස් 62 දෙදෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර තිබු බවයි.
එසේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකට ලක්කර සිටි පිරිසෙන් 30 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට අද (11) සවස සෞඛ්‍ය අංශ සනාථ කල බවද කර්නල් දිසානායක මහතා පවසයි.
එම ආසාධිත සිවිල් ආරක්ෂක භටයින් දංකොටුව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කරමින් ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබපු හරිහමන් නිදහසකුත් නැතිව ගිහිල්ලා අඩව් අල්ලනවා.. දේශපාලකයින්ගේ කීමට. දේශපාලකයෝ විශේෂයෙන් මෙම අර්බුදකාරී වෙලාවකදීම මේවා සංවිධානය කරන්නේ රටට ආදරේට නොව ඔවුන්ගේ කුණු වහගන්නයි. නිදහස අඩුවීමෙන් ලැබුණු කොරෝනාවත් අරන් ගෙදර ගිහිල්ලා දුප්පත් දෙමාපියන්ට පූජා කරන්න.