(ඩයනා උදයංගනී)
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසමත් නීතිපතිවරයා ඒ සම්බන්ධව යුක්තිය ඉල්ලා සටන් කරන අයව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ දේශපාලනකයගේ ඕනෑ එපාකම් පිරිමසන්නට නොව සමාජයේ ජනතාවට සේවය කරන්න සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට බවත්, ඔවුන් ඒ වගකීම ඉටුනොකිරීම ගැන ලැජ්ජා වන බවත් කී කාදිනල්තුමෝ ඉදිරියේදී පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අධිකරණයේ පිහිට පැතීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළහ.
රජයේ කුමන්ත්‍රණකාරී කටයුතු හඳුනාගෙන අවශ්‍ය වෙලාවේ සුදුසු ප්‍රතිචාරය දක්වන්නැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමෝ කීහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රසාදය විතරක් ඵලකරලා මදි කාදිනල්තුමෝ... මේකට එරෙහිව මැදිහත් වෙන්නම ඕනෑ...
ඊළඟ ඡන්දෙත් මේ අයටම දෙමු.
කාදිනල්තුමෝ, බයිබලය ගැන අප්‍රසාදයක් ඇතිවෙන්නේ නැද්ද?
මේ ආණ්ඩුව අත වැරදි නැතිනම් ඒ අයට හිටපු ජනපතිද, පොලිස්පතිද කියා වෙනසක් නැතිව යුක්තියට බාධා නොකරාවි... එසේ නොකළොත් ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ලැජ්ජාවන එක වළකන්නට කාටවත් බැරිවේවි..!. මොකද මේක සමහර අප්‍රිකානු රටවල් වගේ කල්ලතෝනි රාජ්‍යයක් නොවෙයිනේ...
කාදිනල්තුමෝ, නරකද නීතිපති වැඩේ බාර ගත්තොත්...?
අපේ මහානායක හාමුදුරුවොත් නීතිපති පොලිස්පති වගේමයි.
sharm warn උතුමාණෝ වෙතටයි.............. වෙන මොකුත් කොරන්ට හෙම උවමනා කොරන එකක් නැති වෙයිද දන්නෙ නෑ නේහ්.?