(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා ලබන අප්‍රේල් 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා සඳහන් කර සිටියේ පෙත්සමට අදාළ නීතිපති උපදෙස් දැනුම් දීම සඳහා නඩුව කල් තබන ලෙසය.
ගාමිණි අමරසේකර, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (01) සැලකිල්ලට ගැනිනි.
ජනතාවට සහන සලසා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයට නියෝගක් නිකුත් කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd